×

Online PaymentS

Will be available soon

CALL: +94 70 6 65 65 65
  • ONLINE PAYMENTS

Trinity College Kandy - The Official Website

Trinity College Kandy - The Official Website

Trinity College, Kandy Respice Finem

T +94 70 6 65 65 65
Email: info@trinitycollege.lk

Trinity College, Kandy
262, D S Senanayake Veediya, Kandy 20000, Central Province, Sri Lanka

Open in Google Maps
  • Home
  • About Trinity
    • Principal
    • Chapel
      • Choir
    • Sections
      • Kindergarten
      • Junior School
      • International Qualifications
    • Ryde Gold Medal
    • The College Hymn
    • The College Song
    • Office 365
      • Office 365 Portal
        • Microsoft Teams on Web
        • Office Applications
          • Microsoft Word
          • Microsoft Excel
          • Microsoft PowerPoint
        • Outlook on Web
        • OneNote on Web
        • OneDrive on Web
        • Microsoft SharePoint
        • Microsoft Planner
        • Microsoft Sway
        • Microsoft Yammer
      • Learning at Home
        • Frequently Asked Questions
        • Support Tutorials
        • College Email Accounts
        • Microsoft Teams
    • Trinity 150
      • T150 College Celebrations
        • MemorabiliaNew
      • Trinity History Project
      • Trinity150 Infrastructure Projects
  • Students
    • Student Wellbeing
    • Student Discipline
    • Colours & Lion Awards
  • News
    • The TrinitianNew
    • News & Articles
      • College News
      • General Articles
    • Careers
    • Gallery
  • Branding
    • Identity Guidelines
      for Clubs, Societies and Sports
    • Brand Property Guidelines
      for Public Reference
    • Intellectual Property
  • Events
Website Admin
Wednesday, 17 May 2023 / Published in College, College News

‘ගම්මැද්දේ අවුරුදු’ පසු විපරුම

සශ්‍රීකත්වයේ යසෝරාවය කියාපාන සිංහල අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේනික වු සුවිශේෂි ජාතික උත්සවයකි. බක්මහ උළෙල, සුර්යය මංගල්‍ය‍ය, සිංහල හින්දු (දමිළ) අලුත් අවුරුදු උත්සවය, ජාතික සංස්කෘතික මංගල්‍ය‍ය යන්නෙන් ද හඳුන්වනු ලබන සිංහල අලුත් අවුරුද්ද පරිසරය හා වෙලී පවතින, ගමට අසිරිය ගෙන එන එකම සැණකෙළියකි.

සිරිත් විරිත් කැටිකොටගත් අපට ම සුවිශේෂි වූ අංග රැසකින් මෙම අවුරුදු සමය විචිත්‍රවත් වෙයි. ඒ අතුරින් ලාංකිකයන්ට ම ආවේණික වූ ජන ක්‍රීඩා ප්‍රධාන තැනක් ගනියි. එවන් ජන ක්‍රීඩා එදා මෙන් ම අදත් ලාංකික හදවත් තුළ මහත් ආශ්වාදයක් උද්දීපනය කරනු ලබයි. ඒ නිසාවෙන් ම මෙවන් ජන ක්‍රීඩා හෙවත් අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත වූ අවුරුදු උත්සව ගම්මාන හා නගර තුළත්, විවිධ ආයතන මෙන් ම පාසල් තුළත් සංවිධානය කරන්නට යෙදෙති.

එලෙසින් අප විද්‍යාලයීය කණිටු විදුහලේ සිංහල අංශය විසින් සංවිධානය කළ ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙල මෙම බක් මස තුන් වැනි දින අප ප්‍රාථමික විදුහල් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. ගරු විදුහල්පති පියතුමා, ගරු කුලාචාර්යයතුමා, ගරු උප විදුහල්පතිතුමා, ගරු සම උප විදුහල්පතිතුමා මෙන් ම කණිටු විදුහලේ ගරු මුල් ගුරුතුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම බක්මහ උළෙලේ ආරාධිත අමුත්තිය ලෙස ඇරයුම් ලැබ සිටියේ ප්‍රාථමික අංශයේ මුල්ගුරුතුමිය වන ගරු පී.එස්. ද තිසේරා ගුරුමෑණියන් ය. ප්‍රධාන ආරාධිත ගුරු මව්වරු හා පියවරු ගෞරවාදරයෙනුත් මහත් හරසරයෙනුත් යුතුව සිසු දරුන් විසින් චාරිත්‍රානුකූලව පිළිගනු ලැබිණි.අනතුරුව බක්මහ උළෙලේ ආරම්භය සනිටුහන් කෙරුණේ සමිඳුන්ගේ ආසිරි පතමින් ගරු කුලාචාර්යයතුමා විසින් කළ යැදුමෙනි.

අවුරුදු ක්‍රීඩා වලට පමණක් ම සීමා නොවුණු මෙම ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙල සිහල දමිළ අලුත් අවුරුද්ද සමඟ බැඳී පවතින පළමු අවුරුදු චාරිත්‍රය වන ළිප් බැඳ, ගිනි මොළවා, කිරි ඉතිරීමෙන් ආරම්භ කෙරිණි. අවුරුදු උදාවක අසිරිය මනස්කාන්ත අයුරින් නිර්මාණශීලී රංගනයකින් ඉදිරිපත් කරමින් කණිටු විදුහලේ සිසු දරුහු සියල්ලන්ගේ සිත් පිනවූහ. ඈත අතීතයේ පටන් පැවත එන අවුරුදු සිරිත් විරිත් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියකින් අනතුරුව සිසුන් පුල පුලා බලා සිටි අවුරුදු ක්‍රීඩා ඇරඹිණි.

අවුරුදු කුමරා හා කුමරිය තේරිමේ තරගය විවිධාකාරයෙන් විචිත්‍රවත් ලෙස සැරසුණු සිසුන්ගෙන් වර්ණවත් විය. අනතුරුව අවුරුදු උත්සවයක දී නැතුව ම බැරි ක්‍රීඩාවක් වු ‘කනා මුට්ටිය බිඳීමේ’ තරගය බක්මහ උළෙලේ තරගකාරිත්වය තියුණු කළ අතර එම තරගය සිසුන් තුළ මහත් කුතුහලයක් දැනවීමට ද සමත් විය. තම වාරය එන තුරු ඇඟිලි ගනිමින් පුල පුලා බලා සිටි සිසුන් ගේ ඒකායන උත්සහය වූයේ කෙසේ හෝ තරගය ජයග්‍රහණය කිරීමයි. මෙලෙසින් විනෝදාත්මක වු බක්මහ උළෙලට ‘පොල් ගෑමේ තරඟය’ එකතු කිරීමට ද සංවිධායක මඩුල්ල අමතක නොකළහ. මෙහිදි සීරුවට, හනිකට පොල් ගෑම තුළින් සිසුන්ගේ ඉවසීමත්, කඩිසරබවත් මනාව ඔපමට්ටම් කළ බව නිසැකව ම කිව හැකිය.

මේ අතර වාරයේ පැවැත්වූ ‘ජන ගායනා තරගය’ බක්මහ උළෙල ගීතවත් කළේ ය. අතීතයේ පැරැන්නන් විසින් මදුර ස්වරයට නැඟුණු පද මාලා ක්‍රීඩාපිටිය පුරා රැව් පිළි රැව් දෙන්නට විය. විවිධ ආරයේ ජන ගී අපූරු ලෙස ගයමින් එකිනෙකාට නොදෙවෙනි ආකාරයේ ඉදිරිපත් කිරීම් කළ සිසුහු තරගයේ තරගකාරිත්වය තීව්‍ර කළහ. ජන ක්‍රීඩා වලින් මදක් බැහැර වු ‘හැන්ද මත දෙහි ගෙඩිය තබා ඇවිදීම’, ‘පොල් කටු මත ඇවිදීම’ සිසුන්ගේ සමබරතාවය විදහා දැක් වූ ක්‍රීඩා විය. සාමුහිකව ‘බෝතලයට වතුරු පිරවීම’ යන ක්‍රීඩාව සිසුන් තුළ කණ්ඩායම් හැඟීම් වර්ධනය කිරීමෙහිලා සමත් විණි. කුඩා අවදිය සිහිපත් කරමින් ‘බැලුන් පිපිරවීම’,‘ වට්ටක්කා ඇට ගණන් කිරීම’ වැනි ක්‍රීඩාවන්ගෙන් බක්මහ උළෙල සිසුන්ට අමතක නොවන අත්දැකීමක් එක් කළේ ය. මෙවැනි ක්‍රීඩා අතර තරමක අභියෝගාත්මක ක්‍රීඩාවක් වූයේ ‘බාධක දිවීම’ යි. තම සහයක ක්‍රීඩකයා සමඟ සමබරතාවය ගිලිහෙන්නට ඉඩ නොදී ජය කණුව කරා හැකි ඉක්මනින් ගමන් කිරීම එම අභියෝගයයි. දෙදෙනාගේ එක් පාදයක් එකට සිටින සේ බැඳ සිටිය දී තම සහයකයා සමඟ නොවැටී එක්ව දිවීමේ මෙම යුගල ක්‍රීඩාව බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යමින් තරග ද නිමාවක සටහන් තැබීය. සිංහල හා දමිළ බස හසුරවමින් බක්මහ උළෙල තම වාග් ප්‍රතිභාවෙන් රසවත් කිරීමට දායක වුයේ කණිටු විදුහලේ සිසු දරුන්මය. අසිරු විනිශ්චයකින් තෝරාගත් අවුරුදු කුමරා හා කුමරිය තරග අවසානයේ දී අභිෂේක ගන්වනු ලැබිණි. කුඩා සිත් සතන් තුටු කරමින් ඔවුන්ගේ උත්සහයනට කළ දිරිදීමක් ලෙස පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සියල්ලෝ එක්ව ජාතික ගීය ගායනා කළහ. ‘ගම්මැද්දේ අවුරුදු’ බක්මහ උළෙලක නිමාව එලෙස සනිටුහන් කෙරිණි.

පසු විපරුම: සෙත්ලත් දිසානායක විසිනි

Flickr Album Gallery Pro Powered By: Weblizar

What you can read next

Inaugural Inter-house Scrabble tournament
Inter Class Rippa Rugby Tournament – Grade 2
Captain & Vice-Captain of Trinity Tennis Team 2022

COLLEGE NEWS

  • TCK, a bright benefactor in December December 5, 2023
  • The Glowing of Good Health  – Medical Camp 2023December 5, 2023
  • Islamic Day Competitions – hosted by ISM    November 30, 2023
  • Moments Cherished – Grade 1 Concert October 31, 2023

SPORTS NEWS

  • A Low Scoring Thriller brings Trinity to Victory November 21, 2023
  • A challenge sealed for Plate championship November 16, 2023
  • Mr TRINITY – A Legacy of Great Physique November 12, 2023
  • Triumph at Tarbet: Trinity’s Junior Athletic Feat November 12, 2023

CLUBS & SOCIETIES NEWS

  • TCK, a bright benefactor in December December 5, 2023
  • The Glowing of Good Health  – Medical Camp 2023December 5, 2023
  • Islamic Day Competitions – hosted by ISM    November 30, 2023
  • Mastering Speech Evaluations – Gavel Club November 15, 2023

Trinity on Instagram

Our congratulations to the Trinity College Cadet P Our congratulations to the Trinity College Cadet Platoon for emerging triumphant at the Central Province Defence Cadet Assessment Camp, securing 4th position among the 40 participating schools.Organised by the National Cadet Corps (NCC) of Sri Lanka, the Camp was held at Rantembe from 8th – 12th July 2023.Read the full review on our College website!#trinitycollegelk #cadets #centralprovince #national #cadets #kandy #srilanka #battalion
Registrations are now open for students from Grade Registrations are now open for students from Grade 09 to Grade 14 - for MR TRINITY 2023.You can register via www.trinitycollege.lk/mrtreg#trinitycollegelk #mrtrinity #bodybuilding #competition #registrations #events #sports #fitness
Congratulations to our U19 Cricket team and Master Congratulations to our U19 Cricket team and Master Dinuka Tennakoon on their incredible achievements at the Under 19 Schools Cricket Awards 2023!Best Provincial Team - Central ProvinceUnder 19 Div.1 Tier A Limited Overs Tournament ChampionshipUnder 19 Div. 1 Tier A Two-Day Tournament Joint ChampionshipMaster Dinuka Tennakoon, the All-Island Best Bowler#CricketChampions #U19Awards #trinitycricket
The Junior School Inter House Swimming Meet was he The Junior School Inter House Swimming Meet was held on the 13th of October, at the College Swimming Pool Complex, with the participation of many young Trinity athletes.The Junior Boarding House won this year's meet with a score of 302 points!The participants showcased their dedication and swimming skills in a variety of categories, from freestyle to breaststroke. The event celebrated not only the thrill of victory but also the joy of sportsmanship.Read the full review on our College website!#trinitycollegelk #interhouse #juniorschool #swimming #meet #winners #athletes #swimmers #event #trinity #college #kandy
Load More Follow us on Instagram

TRINITY COLLEGE ON FLICKR

    Browse Our Gallery

    Archives

    Quick Links

    • Home
    • Contact
    • Trinity150
    • Events
    • College News
    • Clubs & Societies News
    • Sports News
    • Notices
    • Advertisements
    • Students on Spotlight
    • Colours & Lion
    • Student Discipline
    • Student Wellbeing
    • Online Payments
    • Intellectual Property
    • Terms and Conditions
    • Privacy Policy

    LATEST NEWS

    • TCK, a bright benefactor in December 
      Upholding decades of traditions, The student Christian Movements of Trinity … Read more
    • The Glowing of Good Health  – Medical Camp 2023
      Reviewed by Chaniru Senhas (Web Content Team)  On November 22 … Read more
    • Grade 2 Weekly Newsletter – Issue 33
      This is a weekly project done by the Kindergarten Teachers … Read more
    • GET SOCIAL
    Trinity College Kandy - The Official Website

    Copyright © 2000 - 2023 Trinity College, Kandy. All rights reserved.

    TOP
    X