×

Online PaymentS

Will be available soon

නිවාසාන්තර සිංහල විවාද තරගාවලිය - මූලික වටය

නිවාසාන්තර සිංහල විවාද තරගාවලිය - මූලික වටය Event Organized BySinhala Literary Union24jun8:00 am5:00 pm8:00 am - 5:00 pm(GMT+05:30) Trinity College, Kandy, 262, D S Senanayake Veediya, Kandy 20000, Sri lanka

Event Details

ක්‍රිස්තු වර්ෂයෙන් 2023 යනු ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයට අතිශය වැදගත් වර්ෂයකි. මේ වසරේ අප සංගමයේ එකසිය දස වන සංවත්සරය යෙදී තිබීම ඊට නිමිත්ත යි. එවන් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප සංගමය ආ ගමන් මඟ දෙස හැරී බලන කල කාට වුව ද පෙනෙනුයේ; සාර්ථක ව අභියෝග ජය ගෙන තම ඉලක්ක සපුරාගත් සංගමයක් ලෙස යි.

ශ්‍රී ලාංකේය පාසල් විවාද කලාව තුළ ප්‍රශංසනීය සන්ධිස්ථානයක් සනිටුහන් කළ “වාග් ප්‍රතිභා” යනු අප සංගමය විසින් 2006 වර්ෂයේ සිට නො කඩවා පවත්වාගෙන එනු ලබන අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය යි. ඒ හරහා නෙළාගත් අස්වනු තුළින් තම චින්තනය, ජීවිතය සාරවත් කරගත් සිසුන් අනල්ප ය. ඉහත කී පරිද්දෙන් අප සංගමයේ එකසිය දස වන සංවත්සරය යෙදෙන මේ වසරේ දී යම් සුවිශේෂී කර්තව්‍යයකට අත්පොත් තැබීම අප සිත්හි නිරන්තරයෙන් පැසුණකි. පැවතුණකි. එහි මුල ලියලන්නේ අප සංගමය විසින් නිවාසාන්තර විවාද තරගාවලියක් සංවිධානය කිරීමට කතිකා කර ගැනීමෙන් අනතුරු ව ය. “වාග් ප්‍රතිභා” අන්තර් පාඨශාලීය විවාද තරගාවලියට සමගාමී ව පැවැත්වෙන මෙය විද්‍යාලයීය සිසුන්ගේ තාර්කික චින්තනය ඔප්නංවාලමින් විවාද කුසලතා වඩවාලීම, සමාජය සහ මානව ධර්ම ගැන අවබෝධයක් ලබා දීම, සවිමත් චින්තනයෙන් සන්නද්ධ දැයක් රටට දායාද කිරීම ආදි අභිමතාර්ථ සාධනය කර ගැනීම යි මෙහි අරමුණ.

මෙම තරගාවලිය කනිෂ්ඨ අංශය (6-9 ශ්‍රේණි) සහ ජ්‍යේෂ්ඨ අංශය (10-12 ශ්‍රේණි) ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. තරගාවලියේ මූලික වටය 2023 ජූනි මස 24 වන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට දැනටමත් කටයුතු යෙදී හමාර ය. තරගකරුවන් පුහුණු කොට මේ සඳහා සන්නද්ධ කිරීමට වැඩමුළු තුනක් ද පැවැත්වීමට අප අමතක නො කෙළෙමු. පළමු වැඩමුළුව මැයි මස 1 වන සඳුදා ද, දෙවන වැඩමුළුව මැයි මස 18 වන බ්‍රහස්පතින්දා ද, තෙවන වැඩමුළුව ජුනි මස 1 වන බ්‍රහස්පතින්දා ද පැවැත්වේ.

සියලු තරගකරුවන්ට තරගාවලියට සාර්ථක ව මුහුණදී, තම නිවාසයේ ධජය ඉහළින් ම ඔසවා තැබීමට හැකි වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

විරුණ ප්‍රියනන්ද, උපලේකම්, සිංහල සාහිත්‍ය සංගමය.

Time

(Saturday) 8:00 am - 5:00 pm(GMT+05:30)

Get Directions

TOP
International Advanced Level - 2024 AdmissionsAPPLY NOW
+
Skip to content