05 & 06 March 2022
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාව
ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් අඛණ්ඩව 47 වන වරට ද සංවිධානය කරනු ලබන වාර්ෂික සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිණාව මෙම වසර සඳහා මාර්තු මස 5 සහ 6 යන දෙදින තුල, විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම ට සියලු කටයුතු සූදානම් ව ඇත.
විද්‍යාලයීය ආදී කර්තෘ වරුන්ට ද, පරිපාලක මණ්ඩලයට සහ වත්මන් මෙන් ම විශ්‍රාමික ආචාර්ය මණ්ඩලයට ද, ආදී ශිෂ්‍යයන් ට සහ වත්මන් සිසුන්ට ද සෙත් පැතීම, විදුහලේ මෙන්ම රටේ යහ පැවැත්ම සඳහා ආශීර්වාද ලබා ගැනීම අරමුණු කරගෙන පැවැත්වෙන මෙම පරිත්‍රාණ ධර්ම දේශනය, පහත අයුරින් පැවැත්වීම ට සැලසුම් කොට ඇත:
2022 මාර්තු 5 - අපර භාග 7.30 සිට අපර භාග 11.30 - මහ පිරිත
2022 මාර්තු 5 - අපර භාග 7.30 සිට මාර්තු 6 - පූර්ව භාග 6.00 - සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය
2022 මාර්තු 6 - පූර්ව භාග 9.30 සිට අපර භාග 2.00 - සපිරිකර සංඝගත දක්ෂිණාව
මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සියලු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද වල ට අනුකූල ව පැවැත්වීම ට සියලු පාර්ශව සැදී පැහැදී සිටිති.
මෙම උතුම් කටයුත්ත සඳහා සහභාගී වන මෙන් විශ්‍රාමික ආචාර්යවරුන්, ආදී ශිෂ්‍යයන් ඇතුළු ඔබ සැම ට භක්ති පූර්වක ව ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.