visitors have read this post.

නිවාසාන්තර වාග් සංග්‍රාමය 2023

ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය “නිවාසාන්තර වාග් සංග්‍රාමය ” යන මැයෙන් විද්‍යාලයීය නව්‍ය විවාදකයින් කළඑලි දැක්වීමේ පළමු අදියර 2023 ක් වු ඇසළ මස 14 වන දින දියත් කරන ලදුව අතිසාර්ථක අන්දමින් නිමා විය. එම දොරට වැඩුම පිළිබඳව කෙරෙන කෙටි විවරණයයි මේ….

නිවාසාන්තර වාග් සංග්‍රාමයේ සමාරම්භකය සනිටුහන් වුයේ 2023 ක් වූ පොසොන් මස 24 වන ශනි දින විද්‍යාලයීය ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේදී ය.

මෙම නවමු කර්තව්‍යය සඳහා දෙවි සමිඳුන්ගේ මහත් ආශිර්වාදය හා මඟපෙන්වීම කුලාචාර්ය ගරු ෂෙල්ටන් සමාදානම් පියතුමාණන් යාච්ඤාවෙන් පැතූ පසු එදින සපැමිණි සියල්ලන් ගෞරවාදරයෙන් පිළිගනු ලැබුවේ අප සංගමයේ සභාපති සෙත්මල් දිසානායක සොහොයුරා විසිනි. 

තරගාවලියේ නීති – රීතී සහ කාල ගණනය සිදු කරන ආකාරය මනාව පහදා දෙමින් සංගමයේ උපසභාපති සෙත්ලත් දිසානායක හා උපලේකම් විරුණ පියනන්ද යන සොයුරන් විසින් නිවේදකයින් ලෙස සිය වාග් ප්‍රතිභාවෙන් වාග් සංග්‍රාමය ඔපවත් කළහ. තුන්දිනක පැවැත්වු වැඩමුළු තුනකින් නිවාසාන්තර වාග් සංග්‍රාමය පිළිබඳ පන්නරය ලද විද්‍යාලයීය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් හි විවාදකයින්ගේ තරග, සැසි තුනක් සහ මාතෘකා තුනක් යටතේ නව ආරයකින් සිදු කෙරිණි. විද්‍යාලයේ ගැස්ටර් මහලේ පන්ති කාමර තුළ පැවැත්වූ මෙම තරගවලට අපක්ෂපාතීව හා සාධරණීයව තම විනිශ්චයන් ලබාදුන්නෝ නම් සිටිය හා සිටින විද්‍යාලයීය ගුරුභවතුන් සමඟ ආරාධිත කථිකාචාර්ය විද්වත්හු ය. ඔවුහු ගේ ඒ අමිල නිමල සේවාවෝ අපි හදපිරි තුටින් අගයමු.

slu lead table by Sinhala Literary Union

ඉහත වගුව ප්‍රකාරව කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් හි විවාදකයින්ගේ කාර්යය සිද්ධි මෙසේ ය.

කනිෂ්ඨ අංශය දෙස හැරුණු කල, තරග වැදුණු විවාද ද්විත්වය ම ජයගත් ගිබ්සන් සහ ස්කුලරි නිවාස සම ලකුණු ලබා ගෙන සමස්ථාන හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූහ.ජ්‍යේෂ්ඨ අංශයේ නිවාස දෙස හැරුණු කල, තරග වැදුණු විවාද ද්විත්වය ම ජයග්‍රහණය කරමින්, ලකුණු දෙකක පරතරයක් ඇති ව ගැරට් නිවාසය ප්‍රථම ස්ථානයටත්, ඕලොෆ් නිවාසය ද්විතීය ස්ථානයටත් පත් වෙමින් අවසාන මහා සංග්‍රාමයට සුදුසුකම් ලැබූහ.

සහායම්, සෝන්ඩස්, පිල්චර් යන කනිෂ්ඨ අංශයේ නිවාස පිළිවෙලින් තෙවන, සිව්වන හා පස්වන ස්ථාන හිමිකරගත් අතර ජ්‍යෙෂ්ඨ අංශයේ ලෙමුවල් හා සිමිත්ත්‍රාරච්චි යන නිවාස සම ලකුණු ලබාගෙන තෙවන ස්ථානයත්, සී.බී.එච්. නිවාසය පස්වන ස්ථානයත් ලබාගත්හ.    

මෙලෙස  නිවාසාන්තර වාග් සංග්‍රාමයේ පළමු අදියර නිමාව අප සංගමයේ ලේකම් අමෝද කොස්සලවත්ත සහෝදරයා සනිටුහන් කළේ මෙම නව්‍ය අභියෝගාත්මක කර්තව්‍යය සාර්ථක කිරීමෙහි ලා වැය වු සියල්ලන් සිහිපත් කරමින් අප සංගමයේ  හෘද්‍යාංගම ස්තූතිය පුද කරමිනි.    

විවාදාභිෂේකය හිමිකරගනු වස් තම විවාද කෞශල්‍යයෙන් සන්නාහ සන්නද්ධ වීමට විවාදකයින්ට ලබාදුන් සති දෙකකට වැඩි විවේකය හමාර වූ පසු “නිවාසාන්තර වාග් සංග්‍රාමයේ” දෙවැනි අදියර දියත් කෙරුණේ 2023 ඇසළ මස 12 වෙනි දිනයට යෙදුණු කනිෂ්ඨ අංශයේ නිවාසවල අවසන් මහා සංග්‍රාමයෙනි. එ කී කනිෂ්ඨ අංශයේ අවසන් මහා සටන ඇරඹුණේ පාසලේ ප්‍රධාන ශාලාවේ දී උදය රැස්වීමෙන් අනතුරු වය. එ දින විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති සිදු කළ පිළිගැනීමේ කතාවෙන් පසුව ගිබ්සන් සහ ස්කුලරි නිවාස අතර විවාද සංග්‍රාමය වේදිකාව මත දිගහැරිණි. “අනාගත වැඩ ලෝකයට සරිලන පුරවැසියන් බිහි කිරීමෙහි ලා පවත්නා පාසල් අධ්‍යාපන ක්‍රමය සැලැකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි / නො කරයි.” යන තම කණ්ඩායමට හිමි වු මාතෘකාව සනාථ කිරීම කනිෂ්ඨ විවාදකයින්ගේ කාර්යභාරය විය. මේ විවාදය ඉතා උණුසුම් සහ තියුණු ලෙස කරට කර තරග වැදුණක් බව ගුරුභවතුන් ගෙන් කළ අහඹු අදහස විමැසීම්වලින් ද ගරු විනිශ්චය මණ්ඩලය දැක්වූ අදහස්වලින් ද ගම්‍ය විණි.

 අදහස් දැක්වීමෙන් අනතුරු ව එළැඹුණේ විවාදයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාව යි. තරගාවලියේ දක්ෂතම විවාදකයා ලෙස තේරී පත් වුණේ ස්කුල‍රි නිවාසයේ නායකයා මෙන් ම පළමු කථිකයා ද වූ විහඟ සංගක්කාර සොයුරා යි. “නිවාසාන්තර වාග් සංග්‍රාමයේ “කනිෂ්ඨ අංශයේ අවසාන මහා තරගයේ ප්‍රථම ස්ථානයට පත් වෙමින් තම නිවාස ධජය ඉහළින් ම ඔසවා තබන්නට ස්කුලරි නිවාසයට හැකි වී ය. ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් අත්පොළසන් නාද මධ්‍යයේ කුසලානය හිමි කරගත් ස්කුලරි නිවාසයේ ජයග්‍රහණය ඉන් තවත් ආලෝකවත් වී ය.  කරටකර සටන් කරමින්  අනුශූරයන් වු ගිබ්සන් නිවාසයේ විවාදකයින් ද සහතික හා තිළිණ පත් හිමි කර ගත්තේ මඳක් ශෝකයෙන් වූවත් සිනහ පිරි මුවනි. අනතුරු ව සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම් සොයුරාගේ ස්තුති කතාවෙන් කනිෂ්ඨ අංශයේ අවසන් වාග් සංග්‍රාමය නම් පරිච්ඡේදය එතෙකින් නිමාවට පත් වීය.

මී ළඟට ” නිවාසන්තර වාග් සංග්‍රාමයේ ” ජ්‍යේෂ්ඨ අංශයේ අවසන් මහා සංග්‍රාමය පාසල් වේදිකාව ආක්‍රමණය කළේ ඇසළ මස 14 වන දා ය. පෙර පරිදි පාසල් උදය රැස්වීමෙන් අනතුරු ව  අවසන් මහා සංග්‍රාමයට සුදුසුකම් ලත් ගැරට් සහ ඕලොෆ් නිවාස ද්විත්වයේ විවාදකයින් වේදිකාව මත කරට කර සටන් වැදුණහ. මේ විවාදයට නියමිත මාතෘකාව වූයේ “පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වත්මන් රජය සහ වග කිව යුතු පුරවැසියන් ගෙන ඇති පියවර ප්‍රශස්ත වේ / නො වේ.” යන්න ය. විවාදය අවසන ගුරු මණ්ඩලයෙන් ද, ආරාධිත විනිශ්චය මණ්ඩලයෙන් ද විවාදය පිළිබඳ මධ්‍යස්ථ වූත් ප්‍රශංසනීය වූත් අදහස් දැක්විණි.

ඉන් අතතුරු ව එළැඹුණේ විවාදයේ තීරණාත්මක ප්‍රතිඵල නිවේදනය යි. තරගාවලියේ ජ්‍යේෂ්ඨ අංශයේ දක්ෂතම විවාදකයාගේ සම්මානයට හිමිකම් කීයේ ඕලොෆ් නිවාසයේ තුන් වෙනි කථිකයා වූ බිහඳු කඹුරුගමුව ශිෂ්‍යයා යි. “නිවාසාන්තර වාග් සංග්‍රාමයේ ” අවසන් මහා තරගයේ  ජ්‍යේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් තම නිවාස ධජය ඉහළින් ම ඔසවා තැබීමට හැකි වූයේ ගැරට් නිවාසයට යි. එ දින ගැරට් නිවාසය තම ශූරතා කුසලානය සහ සහතිකපත් හිමිකරගත්තේ ප්‍රේක්ෂකාදරය මුසු වූ උණුසුම් අත්පොළසන් නාද මධ්‍යයේ යි. අනුශූරතාවය හිමිකරගත් ඕලොෆ් නිවාසයේ විවාදකයින් ද තම සහතික හා තිළිණපත් තුටු සිතින් පිළිගත්හ..

ප්‍රථම වරට ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය විසින් හෙබවූ නව්‍ය විවාදකයින් කළඑලි දැක්වීමේ අභියෝගාත්ම ඉසව්වක් වූ “නිවාසාන්තර වාග් සංග්‍රාමය 2023” එලෙස අතිසාර්ථක ලෙස නිමාවට පත් වී ය. 

එබඳු සාර්ථකවයක් අත්පත් කරගැනීමෙහි ලා අපව ධෛර්යමත් කරලමින් මඟපෙන්වීමෙන් , තම උපරිම සහයෝගය ලබාදුන් අපගේ අනුශාසක ගුරුතුමියව සිටි පී. එම්. රන්දෙණිය ගුරුමෑණියන් ද වත්මන් අනුශාසක වන සී.එන්. ජයරත්න ගුරුමෑණියන් ද උත්තිය විජේසිංහ ගුරුපියාණන් ද වාසනා දිසානායක ගුරුපියාණන් හා සුභාෂ් ධනසේකර ගුරුපියාණන් සමඟ නිවාසයන් භාරව කටයුතු කළ ගුරු මව්වරු හා ගුරු පියවරු ද හදපිරි ගෞරවාදර බැතියෙන් සිහිකරමු. 

එලෙසින් ම මෙම අභිනව කර්තව්‍යය සැබෑවක් කිරීමට මුළුමනින්ම ඇප කැප වු අපගේ සංගමයේ සොයුරු කැල අමතක කළ නොහැක.

සභාපති – සෙත්මල් දිසානායක, උපසභාපති – සෙත්ලත් දිසානායක, ලේකම් – අමෝද කොස්සලවත්ත, උපලේකම් – විරුණ ප්‍රියනන්ද, උපභාණ්ඩාගාරික – මෙතුල් දිසානායක, සම්බන්ධිකාරක – දිනිර ප්‍රේමරත්න, සම සම්බන්ධිකාරක – කෙවින් අධිකාරි, සංස්කාරක – දුලිත් කුරේ, සම සංස්කාරක – නේමින්දර නත්තරම්පොත, තරගාවලියේ නිවාස සම්බන්ධිකාරකවරුන් – දුමිදු වීරසූරිය, නදිල් අබේරත්න, ඉඳුවර ජයසිංහ, තාක්ෂණික සහය හා අලංකරණ කටයුතු – බ්‍රයන් අශෙල්, මාර්ක් මෙලොහිසන්, සත් ජයසිංහ, හසරංග ප්‍රේමවර්ධන, කෙනත් පානබොක්ක

මෙම කර්තව්‍යයේ සාඵල්‍යතාව අභිවර්ධනය කොට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නන් අයුරින් සහය දුන් ඔබ සියලු දෙනාට හදපිරි ප්‍රණාමය පුද කිරීම සංගමයක් ලෙස අපගේ අභිප්‍රායය යි. තම වාග් ප්‍රතිභාවෙන් පාසලට, රටට, දැයට අභිමානය ගෙනෙන, නව්‍ය විවාදකයින් අභිෂේක ගැන්වීමට මෙම අභියෝගාත්මක කර්තව්‍යයෙන් පළමු පියවර තැබීමට හැකිවීම සිංහල සාහිත්‍ය සංගමයේ ආනන්දනීය ප්‍රීතියයි. නැවත නව සංග්‍රාමයකින් හමුවනතුරු ඔබ සැමට ආසිරි !

විරුණ ප්‍රියනන්ද සමඟ සෙත්ලත් දිසානායක (උපලේකම්, සමඟ උපසභාපති – සිංහල සාහිත්‍ය සංගමය.)

Flickr Album Gallery Pro Powered By: Weblizar
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 🎭 වේදිකාවට ජීවය දුන් අමතක නොවන මොහොතක්... 
“රූ රඟ” – සිංහල නාට්‍ය උලෙළේ විශේෂ අවස්ථා 
නිර්මාණශීලීත්වයෙන්, හැඟීම්වලින් හා විශිෂ්ට රංගනයෙන් පිරි සන්ධ්‍යාවක මතකයන් නැවතත්...
    1 day ago
  • Full-time dominance. Trinity ran riot with a 39-00 victory over Sri Sumangala.

Video by Methira Jayakody for Trinity College Media Unit
    2 days ago
  • A dominant display from the Lions as Trinity power through with a commanding 39-00 victory over Sri Sumangala in the Dialog Schools’ Rugby League 2026 🏉🦁

Full-time at the den. Strength, speed, and spirit on full display.
    2 days ago
  • We’re back with another #SaturdayRugby showdown! See you at Nittawela 🔥
    2 days ago
🎭 වේදිකාවට ජීවය දුන් අමතක නොවන මොහොතක්… “රූ රඟ” – සිංහල නාට්‍ය උලෙළේ විශේෂ අවස්ථා නිර්මාණශීලීත්වයෙන්, හැඟීම්වලින් හා විශිෂ්ට රංගනයෙන් පිරි සන්ධ්‍යාවක මතකයන් නැවතත්…
21 hours ago
4
View on Instagram |
1/4
Full-time dominance. Trinity ran riot with a 39-00 victory over Sri Sumangala. Video by Methira Jayakody for Trinity College Media Unit
1 day ago
6051
View on Instagram |
2/4
A dominant display from the Lions as Trinity power through with a commanding 39-00 victory over Sri Sumangala in the Dialog Schools’ Rugby League 2026 🏉🦁

Full-time at the den. Strength, speed, and spirit on full display.
A dominant display from the Lions as Trinity power through with a commanding 39-00 victory over Sri Sumangala in the Dialog Schools’ Rugby League 2026 🏉🦁 Full-time at the den. Strength, speed, and spirit on full display.
2 days ago
731
View on Instagram |
3/4
We’re back with another #SaturdayRugby showdown! See you at Nittawela 🔥
We’re back with another #SaturdayRugby showdown! See you at Nittawela 🔥
2 days ago
442
View on Instagram |
4/4