වර්ෂ 2023 වූ බිනර මස 22 වැනි කිවි දා පූර්ව භාග 08:00 පසු වී මිනිත්තු 30 ට අප ත්‍රිත්ව විදුහලේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු සිංහල භාෂාව උගන්වන ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් අප විදුහලේ ගෞරවනීය විදුහල්පති පියතුමන්, ගරු උප විදුහල්පති තුමාන්, ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂා දින උත්සවය සැමරුවෙමු. සිංහල භාෂා දිනයක් පැවැත්වීමට ප්‍රධානම අරමුණ වූයේ අප ප්‍රාථමික අංශයේ සිංහල භාෂාව හදාරන සිසු දරුවන්ගේ භාෂා කුසලතා දියුණු කිරීමටත්, ඒ පිළිබඳ උනන්දුව, ආශාව ඇති කිරීමත් ය. මේ සඳහා පැවැත්වූ තරඟ වූයේ,
- නිවැරදි අත් අකුරු තරගය.
- නිවැරදි අක්ෂර වින්‍යාසය.
- නිර්මාණාත්මකව රචනා ලිවීමේ තරගය.
- ප්‍රහේලිකා පිරවීමේ තරගය.
- සාහිත්‍ය දැනුම මිනුම තරගය.
සිංහල භාෂා දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ පුරා වසර 30 කට අධික කාලයක් ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට අකුරු ඉගැන්වූ ආදරණීය ගුරුතුමියක් වු ඇය නමින් එස්තර් සේනාරත්නය. සුවිශේෂී කරුණක් වූයේ අප ගෞරවනීය විදුහල්පති පියතුමන්ගේ බාලාංශ ශ්‍රේණියේ සහකාර ගුරුතුමිය ඇය වීමයි.
සිංහල භාෂා දිනය ඉතා ආකර්ෂණීය දිනයක් වූයේ අප ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ උනන්දුව කැපවීම සහ සහභාගිත්වය හේතුවෙනි.
ස්තුතියි.
සිංහල අංශය භාර ගුරුතුමිය සරෝජනී ඩයස් .




















































