visitors have read this post.

වාග් ප්‍රතිභා 2022 – සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය

“වාග් ප්‍රතිභා 2022” මෙවර නව මුහුණුවරකින් ආරම්භ කරන්නට කටයුතු කළ සිංහල සාහිත්‍ය සංගමය එහි මූලික වටයේ තරඟ අගෝස්තු මාසයේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වන්නට කටයුතු කරන ලදී. ඒ අනුව තියුණු මූලික වට 4 ක් අවසානයේ සුපිරි කණ්ඩායම් 4ක් තෝරාගන්නට හැකිවන්නේ විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ ආදී විවාදකයින් ලබා දුන් අසීමිත සහයෝගය නිසාවෙනි. සුපිරි කණ්ඩායම් 4 සඳහා තේරී පත් වූ කණ්ඩායම් පහත පරිදි වේ.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මීට සමගාමීව “සාහිත 2022” අන්තර් පාඨශාලයීය සාහිත්‍ය දින තරඟාවලිය ද පැවැත්වුණු අතර දිවයින පුරා පාසල් 60 කට අධික සංඛ්‍යාවකින් සාහිත්‍ය නිර්මාණ ලැබී තිබුණි.

ඒ අනුව “වාග් ප්‍රතිභා 2022” තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය සහ “සාහිත 2022” තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 24 වන දින පවත්වන්නට යෙදුණි.

සුපිරි සිව්දෙනාගේ තරඟ, වට දෙකකට පැවැත්වූ අතර එය සාකල්‍ය ක්‍රමවේදයට පවත්වා වට දෙකම අවසානයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් ද්විත්වය අවසන් මහා විවාදය සඳහා සුදුසුකම් ලබන ලදි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් , මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් මෙලෙසින් අවසන් මහා විවාදය සඳහා සුදුසුකම් ලැබූ අතර එය “සාහිත 2022” ත්‍යාග ප්‍රදානෝත්සවය සමඟ උත්සවාකාරයෙන් පැවැත්වීමට යෙදුනේ ප්‍රධාන ආරාධිතයන් වන ප්‍රකට ළමා හා සාහිත්‍ය ග්‍රන්ථ ලේඛක වෛද්‍ය නුවන් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.එතුමා ද ගරු විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමා සහ නියෝජ්‍ය උප විදුහල්පති ආනන්ද මාරසිංහ මැතිතුමා උත්සවය ආමන්ත්‍රණය කළ අතර ගරු උප විදුහල්පති ක්‍රිෂාන්තන් ඇන්තනිදාස් මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගි විනි.

වියැකී යන සිංහල සාහිත්‍යයෙහි වැදගත්කම හා එය රැක ගැනීම කොතරම් වැදගත් ද යන්න ගරු වෛද්‍ය නුවන් තොටවත්ත මැතිතුමාගේ දේශනයෙහි හරය විය.

අවසන් මහා විවාදය උත්සවාකාරයෙන් පැවැත්වූයේ යෝජක කණ්ඩායම ලෙසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් ප්‍රතියෝජක කණ්ඩායම ලෙසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් විවාදයට ප්‍රවිශ්ඨ වෙමිනි. “ලංකාවේ පවතින බලශක්ති ගැටලුවට පිළියම් ලෙස පරමාණුක බලශක්තිය යොදාගැනීම සාධනීය විසඳුමකි/එසේ නොවේ” යන මාතෘකාව යටතේ අවසන් මහා විවාදය ඉතා තියුණු ලෙස පැවැත්වුණු අතර විනිශ්චය පත්‍රිකා පහෙන්, තුනක් තමා සතු කරගනිමින් විවාදය ජයග්‍රහණය කරන්නට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. මේ අනුව “වාග් ප්‍රතිභා 2022” ශූරතාවය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් අනුශූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් හිමි කරගන්නා ලදී. අවසන් මහා විවාදයේ දක්ෂතම විවාදකයාට හිමි සම්මානය රිච්මන්ඩ් විද්‍යාලයේ පළවන විවාදකයා විසින් හිමිකරගත්තේය.

විද්‍යාලයීය ගරු විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමාටත් , ගරු උප විදුහල්පති ක්‍රිෂාන්තන් ඇන්තනිදාස් මැතිතුමාටත් , ගරු නියෝජ්‍ය උප විදුහල්පති ආනන්ද මාරසිංහ මැතිතුමා හටත් ගරු අනුශාසකතුමිය වන රන්දෙණිය ගුරු මෑණියන්ටත් විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය හා ජ්‍යේෂ්ඨ සිංහල විවාද සංසදය වෙනුවෙන් මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුදකරන අතර විද්‍යාලයීය ගුරු මණ්ඩලය ඇතුළු නන් අයුරින් සහාය වූ සැමදෙනාටම මාගේ හදපිරි ස්තුතිය පුද කරන්නෙමි.


“වාග් ප්‍රතිභා” සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය පළමු වරට කලඑළි බසින්නේ වර්ෂ 2006 දී ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ අතිප්‍රහිත වෑයමෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ කන්ද උඩරට පළමු අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය ලෙසින් “වාග් ප්‍රතිභා” නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවමිනි.

එතැන් පටන් පුරා වසර තුදුසක් පුරාවට තර්කයෙන් සුපෝෂිත වාග් හරඹයන් තුළින් යුක්තිගරුක හා විඥානයෙන් හෙබි බුද්ධිමත් පුරවැසියන් සොයා යන ක්‍රියාන්විතය නොනැවතී දියත් වන්නේ , වාග් ප්‍රතිභා ග්‍රන්ථයෙහි පරිච්ඡේද දහහතරක අතිප්‍රහිත වෑයමෙහි 15 වන මංසල විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන 2022 වර්ෂයේදී ලියන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය කටයුතු කිරීමත් සමඟය.

අවසන් වශයෙන්, ත්‍රිත්ව විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන මෙම වසර කන්ද උඩරට ට සේම මුළු මහත් සමාජයට ම දිනක අර්ථවත් , ස්වර්ණමය මතකයන් රැසක් ආවර්ජනය කළ හැකි වසරක් බවට පත් කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ලෙසින් කැපවී කටයුතු කළ ජ්‍යේෂ්ඨ කමිටුව ලබා දුන් සහයෝගය ඉමහත් ගෞරවාදරයෙන් සිහිපත් කරන්නෙමි. 

අනුශාසකතුමිය – P.M.රන්දෙණිය
සභාපති – B.M.G.G.D.N.බස්නායක
ලේකම් – Y.A.පියතිලක
භාණ්ඩාගාරික – N.H.උඩවත්ත
උප සභාපති – R.D.B.උඩවත්ත
උප ලේකම් – M.R.Y.V. කරුණාරත්න
උප භාණ්ඩාගාරික – K.T.M.M.බණ්ඩාර

සංස්කාරකවරු – W.A.R.S.Y.B.A විජේසේකර , H.M.S.D.හේරත්, R.G.M.D.B රන්දිලිගම

තාක්ෂණික කමිටුව- W.A.R.S.Y.B.A. විජේසේකර , A.U.N.V. අතුකෝරාල

සම්බන්ධීකාරකවරු – R.A.D.ත්‍රිලක්ෂණ , C.N.බණ්ඩාර , P.H.D.පතිරණ , T.S.විජේතුංග , I.P.R.කරුණානායක , D.S.ධර්මතිලක , S.A.අලුවිහාරේ

යොහාන් පියතිලක (ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය.)

Event Photographed by the Trinity College Media Unit. (Photographer: Nethmika Athukorala, Sawan Aluwihare and Shaluka Herath )

Flickr Album Gallery Pro Powered By: Weblizar
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • ALMOST SOLD OUT
Only 20 Silver and 12 Balcony tickets left! 

Don’t miss Mind Your Music 2026

🎫 Get yours before they’re gone!

19 September | 6.30 PM | Trinity College Main Hall

Tickets via: www.mind-your-music.com
    1 day ago
  • A day to lead, connect, and celebrate 

Vänskap 2026 — where friendships are built and memories last forever.
    2 days ago
  • 🏸 A proud achievement for Trinity!

Congratulations to Master Samiru Ranasinghe on being crowned BD U19 Champions, and to Master Pawan Dissanayake on reaching the BD U19 Semi-Finals at the NCPBA All Island Open Badminton Championship.

A remarkable display of skill, determination and Trinity spirit. Well done, boys!
    4 days ago
  • 🔬 ODYSSEY ’26 | CALL FOR RESEARCH PROPOSALS

Have an idea worth exploring? A question worth answering? A discovery waiting to happen? 

The Young Inventors’ & Researchers’ Club of Trinity College Kandy invites young minds to submit their research proposals for ODYSSEY ’26 – Annual Research Symposium.

📅 Submission Deadline: 23rd October 2026
📩 Submit your proposal through the link provided.

https://forms.cloud.microsoft/r/DwK8FjwQ4n

Let your curiosity lead the way, and turn your questions into meaningful research.
    6 days ago
ALMOST SOLD OUT
Only 20 Silver and 12 Balcony tickets left! 

Don’t miss Mind Your Music 2026

🎫 Get yours before they’re gone!

19 September | 6.30 PM | Trinity College Main Hall

Tickets via: www.mind-your-music.com
ALMOST SOLD OUT Only 20 Silver and 12 Balcony tickets left! Don’t miss Mind Your Music 2026 🎫 Get yours before they’re gone! 19 September | 6.30 PM | Trinity College Main Hall Tickets via: www.mind-your-music.com
1 day ago
81
View on Instagram |
1/4
A day to lead, connect, and celebrate 

Vänskap 2026 — where friendships are built and memories last forever.
A day to lead, connect, and celebrate Vänskap 2026 — where friendships are built and memories last forever.
2 days ago
70
View on Instagram |
2/4
🏸 A proud achievement for Trinity!

Congratulations to Master Samiru Ranasinghe on being crowned BD U19 Champions, and to Master Pawan Dissanayake on reaching the BD U19 Semi-Finals at the NCPBA All Island Open Badminton Championship.

A remarkable display of skill, determination and Trinity spirit. Well done, boys!
🏸 A proud achievement for Trinity!

Congratulations to Master Samiru Ranasinghe on being crowned BD U19 Champions, and to Master Pawan Dissanayake on reaching the BD U19 Semi-Finals at the NCPBA All Island Open Badminton Championship.

A remarkable display of skill, determination and Trinity spirit. Well done, boys!
🏸 A proud achievement for Trinity! Congratulations to Master Samiru Ranasinghe on being crowned BD U19 Champions, and to Master Pawan Dissanayake on reaching the BD U19 Semi-Finals at the NCPBA All Island Open Badminton Championship. A remarkable display of skill, determination and Trinity spirit. Well done, boys!
3 days ago
396
View on Instagram |
3/4
🔬 ODYSSEY ’26 | CALL FOR RESEARCH PROPOSALS

Have an idea worth exploring? A question worth answering? A discovery waiting to happen? 

The Young Inventors’ & Researchers’ Club of Trinity College Kandy invites young minds to submit their research proposals for ODYSSEY ’26 – Annual Research Symposium.

📅 Submission Deadline: 23rd October 2026
📩 Submit your proposal through the link provided.

https://forms.cloud.microsoft/r/DwK8FjwQ4n

Let your curiosity lead the way, and turn your questions into meaningful research.
🔬 ODYSSEY ’26 | CALL FOR RESEARCH PROPOSALS Have an idea worth exploring? A question worth answering? A discovery waiting to happen? The Young Inventors’ & Researchers’ Club of Trinity College Kandy invites young minds to submit their research proposals for ODYSSEY ’26 – Annual Research Symposium. 📅 Submission Deadline: 23rd October 2026 📩 Submit your proposal through the link provided. https://forms.cloud.microsoft/r/DwK8FjwQ4n Let your curiosity lead the way, and turn your questions into meaningful research.
5 days ago
76
View on Instagram |
4/4