2024ක් වන මෙ වසරේදී ත්‍රිත්ව විද්‍යාලය තුල අභිමානවත් වර්ෂ 111ක් සපුරාලන විද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය විසින් ත්‍රිත්වයන්ගේ විවාද කුසලතා ඔපනැංවීමෙහිලා දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව” ලෙසින් කලඑළි ගැන්වූ නිවාසාන්තර වාග් සංග්‍රාමයේ මූලික වටය අතිසාර්තක අයුරින් විද්‍යාලීය පරිශ්‍රයේදි ජුනි මස 22වන ශනි දින දිගහරුනි. තරගාවලිය උදෙසා සහභාගී වන නවක විවාදකයින් සදහා පුහුණු මාලාවක්ද සිංහල සාහිත්‍ය සංගමය විසින් පුහුණු සැසි තුනක් ඔස්සේ සංවිධානය කරනු ලැබුවේ සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති චේතිය අබේකෝන්, විද්‍යාලීය සිංහල විවාද සංසදයේ නායක සෙත්ලත් දිස්සානායක ප්රමුඛ සාමාජිකයන් හා ආදි විවාදකයින්ගේ අනුශාසකත්වයෙනි. පළමු වැඩමුළුව මැයි 15 දින පැවැත්විණි. මෙම වැඩමුළුව මගින් තරගකරුවන්ට විවාද කිරීමේ මූලික කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන ලදී.දෙවන වැඩමුළුව මැයි 22 වන බදාදා දින පැවැත්වූයේ විවාද කුසලතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තරගකරුවන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීමේ අපේක්ෂාවෙණි. අවසාන වැඩමුළුව ජූනි 12ස් වන දින පැවැත්වූ අතර එහිදී තරගකරුවන්ට තරගාවලියේ දී තම කණ්ඩායමට ජයග්‍රහණය කරවන මාර්ගවලට මනා අවබෝධයක් ලබා දෙන ලදී. උරෙන් උර ගැටුණු විවාද කිහිපයක් අවසානයේ දී මෙවර නිවාසාන්තර වාග් සංග්‍රාමයේ අවසන් මහා තරගයට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් ඔස්සෙ නිවාස දෙක බැගින් තේරීපත්වූයේ විද්වත් විනිසුරු මණ්ඩලයක ප්‍රධානත්වයෙනි. ජ්‍යෙෂ්ඨ අංශය නිවාසය මුළු ලකුණු Garret 60 Oorloof 50 Simithraaratchy 45 CBH 20 Lemuel 0 කන්ෂ්ඨ අංශය නිවාසය මුළු ලකුණු Squealery 70 Pilcher 45 Gibson 25 Saunders 20 Sahayam 15 ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් මූලික වටය තම වාග් කෞශල්‍යයෙන් සැරසූ Squealery නිවාසය හා ඔවුන් හා නොදෙවෙනිව ගැටුණු Pilcher නිවාසය අවසන් මහා තරගයේදී තරග වැදීමට සුදුසුකම් ලබා තිබේ. ජ්‍යෙෂ්ඨ අංශයෙන්, ඉතා උණුසුම් විවාද කිහිපයකින් අනතුරුව මූලික වටයේදී අපරාජිත Garret නිවාසයද, තරගකාරී Oorloff නිවාසයද, “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව”, නිවාසාන්තර වාග් සංග්‍රාමයේ ශූරතාවය තමන් සතු කර ගැනීමෙ අභිප්‍රායෙන් විද්‍යාලීය උදෑසන රැස්වීමේදී තරග වැදීමට නියමිත වේ. අශේන් විජේසිංහ ( සිංහල විවාද සංසදය, සිංහල සාහිත්‍ය සංගමය)
Monday, 08 January 2024
/
Published in Clubs and Societies News, College, Culinary Club, Design Club, Library Council, Media Unit, Sinhala Literary Union, Social Service union, Student Christian Movement
The season of advent was yet again marked with festive cheer with the recurring Christmas Fiesta held on the 21st of December. The Culinary and Hospitality Club along with the culmination of compatriots, the Student Christian Movement, Social Service Union, Library Council, Media Unit, Design Club, Sinhala Literary Union and the Sri Lanka Unites Chapter re-embarked on its mission of sharing the joy of Christmas far and wide with philanthropy being its ultimate objective. Upon entry you were treated to eye candy with the decorations on display. The rustic theme added pizzazz to the scene by giving off a ‘cozy cabin in the woods’ vibe. On the topic of decorations, a big shout out goes to Mrs. Rangi Ekanayake and Mrs. Ayesha Kalpani and all the teachers who coordinated with the crafters to get this vision from chalk board to real life. A big thank you also goes out to the Hillwood PPA Kandy Branch and Mrs. Fathima Majeed for helping source the necessary materials. The Culinary and Hospitality Club ran the main bake sale in the Main Hall lobby. The bake sale had an array of mouthwatering dishes which ranged from sweet to savory. The culinarians also put on a bit of show for the onlookers via their Front Cooking experience. The Student Christian Movement ran an ice cream stand in the adjacent driveway. The cold and frosty delights hit the spot after being in the hustling and busting crowd. Not too far down the driveway, the Sinhala Literary Union were at it adding some local flare through their local delicacies, YUM! Students turned chocolatiers the Sri Lanka Unites Chapter mellowed the crowd over with decadent chocolate covered marshmallows, chocolate brownies and hot chocolate, a true Willy Wonka experience. The Media Unit was in action lifting spirits up by playing some seasonal classics which instantly transported everyone to an imaginary winter wonderland. The memorabilia stand just around the corner which had a photo booth attached, had the crowd pouring in to get this moment on film. The Library Council opened up a raffle draw where the winner received a valuable piece of literature to read throughout the holidays. The Design Club had prepared Christmas themed takeaway trinkets, which included student-made Christmas cards to take back home and share amongst your loved ones. The Social Service Union had their games parlor and treats shop bustling with a crowd eager to win a prize. It added a competitive element to the festivities which spiced up things all around. We would like to thank the College Executive Council, the College Administration, the Director of Co-Curricular Activities Mr. Wasana Dissanayake and the Teacher in Charge of the Culinary and Hospitality Club Mrs. Indika Hettiarachchi for their constant help in every step leading up to the final product. The Christmas Fiesta was the product of multiple clubs and societies joining forces to achieve and common cause. We would like to thank all the MICs/TICs and the members of all participating clubs on a job well done. Sidenote, after all incomes and expenses were tallied up, the Social Service Union emerged with the highest profit in the bag for the charitable cause. Shoutout to the organizing crew comprised of office bearers, Dulith Coorey (President), Minuka Wickramasinghe (Vice President), Nadil Abeyratne (Secretary), Thusath Dissanayake, Thevan Rathnathilake, Bilal Roshan and club members Udantha Jayasinghe, Menath Kahapola, Minidu Navaratne, Eshan Marasinghe and Themiya Wanigaratne for going through the motions and working behind the scenes to achieve this feat in such splendour. The Christmas Fiesta got everyone together and celebrated the warmth of togetherness and good-natured fun and frolic. Most importantly the event transposed into an act of benevolence, by donating a part of the proceeds to the hardworking and dedicated support staff members who too should be a part of the party. Overall, the Christmas Fiesta embodied the true meaning of Christmas and is eager to comeback the next Yule in 2024. This review is dedicated to every single individual who contributed big or small in bringing this festive segment from the drawing board to fruition.
Sunday, 06 November 2022
/
Published in Clubs and Societies News, College, Sinhala Literary Union, Societies
“වාග් ප්‍රතිභා 2022” මෙවර නව මුහුණුවරකින් ආරම්භ කරන්නට කටයුතු කළ සිංහල සාහිත්‍ය සංගමය එහි මූලික වටයේ තරඟ අගෝස්තු මාසයේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වන්නට කටයුතු කරන ලදී. ඒ අනුව තියුණු මූලික වට 4 ක් අවසානයේ සුපිරි කණ්ඩායම් 4ක් තෝරාගන්නට හැකිවන්නේ විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ ආදී විවාදකයින් ලබා දුන් අසීමිත සහයෝගය නිසාවෙනි. සුපිරි කණ්ඩායම් 4 සඳහා තේරී පත් වූ කණ්ඩායම් පහත පරිදි වේ. මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මහනුවර කිංස්වුඩ් විද්‍යාලය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මීට සමගාමීව “සාහිත 2022” අන්තර් පාඨශාලයීය සාහිත්‍ය දින තරඟාවලිය ද පැවැත්වුණු අතර දිවයින පුරා පාසල් 60 කට අධික සංඛ්‍යාවකින් සාහිත්‍ය නිර්මාණ ලැබී තිබුණි. ඒ අනුව “වාග් ප්‍රතිභා 2022” තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය සහ “සාහිත 2022” තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය ඔක්තෝබර් මස 24 වන දින පවත්වන්නට යෙදුණි. සුපිරි සිව්දෙනාගේ තරඟ, වට දෙකකට පැවැත්වූ අතර එය සාකල්‍ය ක්‍රමවේදයට පවත්වා වට දෙකම අවසානයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් ද්විත්වය අවසන් මහා විවාදය සඳහා සුදුසුකම් ලබන ලදි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් , මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් මෙලෙසින් අවසන් මහා විවාදය සඳහා සුදුසුකම් ලැබූ අතර එය “සාහිත 2022” ත්‍යාග ප්රදානෝත්සවය සමඟ උත්සවාකාරයෙන් පැවැත්වීමට යෙදුනේ ප්‍රධාන ආරාධිතයන් වන ප්‍රකට ළමා හා සාහිත්‍ය ග්රන්ථ ලේඛක වෛද්‍ය නුවන් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.එතුමා ද ගරු විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමා සහ නියෝජ්‍ය උප විදුහල්පති ආනන්ද මාරසිංහ මැතිතුමා උත්සවය ආමන්ත්‍රණය කළ අතර ගරු උප විදුහල්පති ක්‍රිෂාන්තන් ඇන්තනිදාස් මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගි විනි. වියැකී යන සිංහල සාහිත්‍යයෙහි වැදගත්කම හා එය රැක ගැනීම කොතරම් වැදගත් ද යන්න ගරු වෛද්‍ය නුවන් තොටවත්ත මැතිතුමාගේ දේශනයෙහි හරය විය. අවසන් මහා විවාදය උත්සවාකාරයෙන් පැවැත්වූයේ යෝජක කණ්ඩායම ලෙසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් ප්‍රතියෝජක කණ්ඩායම ලෙසින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් විවාදයට ප්රවිශ්ඨ වෙමිනි. “ලංකාවේ පවතින බලශක්ති ගැටලුවට පිළියම් ලෙස පරමාණුක බලශක්තිය යොදාගැනීම සාධනීය විසඳුමකි/එසේ නොවේ” යන මාතෘකාව යටතේ අවසන් මහා විවාදය ඉතා තියුණු ලෙස පැවැත්වුණු අතර විනිශ්චය පත්‍රිකා පහෙන්, තුනක් තමා සතු කරගනිමින් විවාදය ජයග්‍රහණය කරන්නට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. මේ අනුව “වාග් ප්‍රතිභා 2022” ශූරතාවය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයත් අනුශූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් හිමි කරගන්නා ලදී. අවසන් මහා විවාදයේ දක්ෂතම විවාදකයාට හිමි සම්මානය රිච්මන්ඩ් විද්‍යාලයේ පළවන විවාදකයා විසින් හිමිකරගත්තේය. විද්‍යාලයීය ගරු විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමාටත් , ගරු උප විදුහල්පති ක්‍රිෂාන්තන් ඇන්තනිදාස් මැතිතුමාටත් , ගරු නියෝජ්‍ය උප විදුහල්පති ආනන්ද මාරසිංහ මැතිතුමා හටත් ගරු අනුශාසකතුමිය වන රන්දෙණිය ගුරු මෑණියන්ටත් විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය හා ජ්‍යේෂ්ඨ සිංහල විවාද සංසදය වෙනුවෙන් මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුදකරන අතර විද්‍යාලයීය ගුරු මණ්ඩලය ඇතුළු නන් අයුරින් සහාය වූ සැමදෙනාටම මාගේ හදපිරි ස්තුතිය පුද කරන්නෙමි. “වාග් ප්‍රතිභා” සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය පළමු වරට කලඑළි බසින්නේ වර්ෂ 2006 දී ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ අතිප්රහිත වෑයමෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ කන්ද උඩරට පළමු අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය ලෙසින් “වාග් ප්‍රතිභා” නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවමිනි. එතැන් පටන් පුරා වසර තුදුසක් පුරාවට තර්කයෙන් සුපෝෂිත වාග් හරඹයන් තුළින් යුක්තිගරුක හා විඥානයෙන් හෙබි බුද්ධිමත් පුරවැසියන් සොයා යන ක්‍රියාන්විතය නොනැවතී දියත් වන්නේ , වාග් ප්‍රතිභා ග්රන්ථයෙහි පරිච්ඡේද දහහතරක අතිප්රහිත වෑයමෙහි 15 වන මංසල විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන 2022 වර්ෂයේදී ලියන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය කටයුතු කිරීමත් සමඟය. අවසන් වශයෙන්, ත්‍රිත්ව විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන මෙම වසර කන්ද උඩරට ට සේම මුළු මහත් සමාජයට ම දිනක අර්ථවත් , ස්වර්ණමය මතකයන් රැසක් ආවර්ජනය කළ හැකි වසරක් බවට පත් කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ලෙසින් කැපවී කටයුතු කළ ජ්‍යේෂ්ඨ කමිටුව ලබා දුන් සහයෝගය ඉමහත් ගෞරවාදරයෙන් සිහිපත් කරන්නෙමි. අනුශාසකතුමිය – P.M.රන්දෙණියසභාපති – B.M.G.G.D.N.බස්නායකලේකම් – Y.A.පියතිලකභාණ්ඩාගාරික – N.H.උඩවත්තඋප සභාපති – R.D.B.උඩවත්තඋප ලේකම් – M.R.Y.V. කරුණාරත්නඋප භාණ්ඩාගාරික – K.T.M.M.බණ්ඩාර සංස්කාරකවරු – W.A.R.S.Y.B.A විජේසේකර , H.M.S.D.හේරත්, R.G.M.D.B රන්දිලිගම තාක්ෂණික කමිටුව- W.A.R.S.Y.B.A. විජේසේකර , A.U.N.V. අතුකෝරාල සම්බන්ධීකාරකවරු – R.A.D.ත්රිලක්ෂණ , C.N.බණ්ඩාර , P.H.D.පතිරණ , T.S.විජේතුංග , I.P.R.කරුණානායක , D.S.ධර්මතිලක , S.A.අලුවිහාරේ යොහාන් පියතිලක (ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය.) Event Photographed by the Trinity College Media Unit. (Photographer: Nethmika Athukorala, Sawan Aluwihare and Shaluka Herath )
Saturday, 09 July 2022
/
Published in Clubs and Societies News, College, News, Sinhala Literary Union, Societies
සිංහල විවාද කලාව යනු ශ්‍රී ලංකාව තුළ අනාදිමත් කාලයක් පුරාවට පැවත ආ කලාවකි. එදා ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ අරගලය තුළ පවා පංච මහා වාදයන් තුළින් සිංහල විවාද කලාවෙන් ඉටු වූ මෙහෙවර මහගුය. ශ්‍රී ලාංකීය පාසල් විවාද කලාවට නව මුහුණුවරක් එක් කරමින් කන්ද උඩරට පළමු අන්තර් පාසල් විවාද තරගාවලිය , වර්ෂ 2006 හි දී ත්‍රිත්ව විද්‍යාලයිය සිංහල සාහිත්‍ය සංගමය මඟින් “වාග් ප්‍රතිභා” නමින් කලඑළි දක්වනු ලදී. ඒ එවකට හා වත්මන් සිංහල සාහිත්‍ය සංගමයේ අනුශාසකතුමිය වූ රන්දෙණිය ගුරු මෑණියන්ගේත් ,සභාපතිතුමා වූ රන්දික නානායක්කාර සොයුරාගේත් අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙසින් පෙරවදන ලියන්නට යෙදුණු “වාග් ප්‍රතිභා” නම් වූ ග්‍රන්ථයේ පර්ච්ඡේද දහ හතරක් , වසර තුදුසක් පුරාවට ලියැවෙන්නේ බුද්ධියෙන් හා තාර්කික ඥානයෙන් සුපෝෂණය වූ දැයට වැඩදායි අනාගත පුරවැසියන් රැසක් බිහි කරමිනි. එකී ග්‍රන්ථයේ පහළොස් වැනි පරිච්ඡේදය , විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන 2022 වසරේදී රචනා කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත. මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය අතික්‍රමණය කරමින් , “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නවමු මුහුණුවරකින් පවත්වන්නට සැලසුම් කර ඇත. ඒ අනුව තරගාවලිය අදියර දෙකකින් යුක්ත වන අතර පළමු අදියර මාර්ගගත ක්‍රමයට පවත්වනු ලැබේ. 2022.08.13 වන සෙනසුරාදා දින තරගාවලියේ පළමු අදියර ආරම්භ කරන්නට නියමිත අතර එය අගෝස්තු මස 14 , 27 , 28 දිනයන් පුරාවට පැවැත්වේ. තරගාවලියේ පළමු අදියර අවසානයේ කණ්ඩායම් 8 ක් තෝරාගන්නා අතර ඉන් පළමු අදියර අවසන් වේ. තරගාවලියේ දෙවන අදියර පාසල තුලදී භෞතිකව පැවැත්වීමට සැලසුම් කර ඇත. පළමු අදියර අවසානයේ තෝරාගත් කණ්ඩායම් 8 භෞතිකව විවාද තරඟයට සහභාගී වන අතර දිනය අවසානයේ අවසන් කණ්ඩායම් යුගල තෝරාගනු ලැබේ. “සාහිත” උත්සවය දිනයේදී අවසන් මහා විවාද තරගය පවත්වනු ලබන අතර එයින් “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නිමාවට පත් වේ. ත්‍රිත්ව විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන මෙම වසර කන්ද උඩරට ට සේම මුළු මහත් සමාජයට ම දිනක අර්ථවත් , ස්වර්ණමය මතකයන් රැසක් ආවර්ජනය කළ හැකි වසරක් බවට පත් කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ලෙසින් කැපවී කටයුතු කරන බව කිව යුතුමය. තරඟාවලිය සදහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම අරඹා ඇති අතර ඔබගේ පාසල් කණ්ඩායම ලියාපදිංචි කිරීම සදහා පහත Microsoft පෝරම සබැඳිය භාවිතා කරන්න. ලියාපදිංචි කිරීම් 2022.07.22 දිනෙන් අවසන් වේ. යොහාන් අමල්ක පියතිලක, ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය
තාර්කික බවෙහි මන්පෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම The Sinhala Literary Union (SLU) presented its 14th annual inter-school debate competition, “Vaag Prathiba” which took place on 12th of October 2019 at the College premises. This year’s event marked the highest number of participants with 26 teams from 15 Kandy schools participating. SLU’s main reason for conducting this competition is to improve the speaking ability of the students in Kandy schools. This year’s competition included four rounds. Vidyartha College, Kandy won the competition beating Kingswood College, Kandy in the final. The Chief Guest of “Vaag Prathiba” was Mr Imesh De Silva, a visiting lecturer from the University of Peradeniya, legal adviser and a senior lawyer. The president of the SLU, Master Thushara Gallage, extended his gratitude to all the staff members from Middle and Upper school for assisting with all the debates. The Union also thanks Mrs Randeniya, the teacher-in-charge of SLU for her continuing guidance every year. A special mention should be made about about the old boy past members of the union who join “Vaag Prathiba” every year giving their support to make the event successful. A look into the history of “Vaag Prathiba” The Sinhala Literary Union dates back to 1900s and was later established as a formidable society in 1993 by the great Rev A. G. Fraser. A decade and a half ago, the Debating unit was started as an offshoot of the Sinhala Literary Union, to cater the ever growing interest on the art of debating in Sinhala. Vaag Prathiba, started as an inter-school debating competition and has been organised for the past 13 years with participants joining in from schools all around Kandy to enjoy the spirit of ‘debating’.
Thursday, 24 October 2019
/
Published in Choir, College, Drama, News, Oriental Music Society, Sinhala Literary Union, Societies, The National Drum and Dance Troupe, Trinity College Literary Association
Following their spectacular win at the Inter school Shakespeare Championship earlier this month, the Trinity College Literary Association (TCLA) returned to Kandy to perform for their home crowd alongside several other College societies and clubs by organizing a completely new event: ‘A Cultural Evening at Trinity College.’ The event, held on the 20th of October at the College Main Hall, comprised performances by the Sinhala Drama Troupe, the Oriental Music Society, the Drum and Dance Troupe, the Trinity College Choir and of course, the TCLA’s very own Drama Troupe. Opening the event the Sinhala Drama Troupe performed a street drama revolving around Sri Lanka’s most famous theatrical character, ‘Mahadenamuththa’. This drama was notable by its integration into the rest of the evening, livening up the proceedings. The Oriental Music Society performed an orchestral piece followed by a traditional Sinhala song, entertaining the crowd with the sounds of Sri Lanka. The Drum and Dance troupe performed their own drama, presented through dance and music rather than words and conventional dramatic effects. The Choir of Trinity College was in excellent form, treating the audience to several songs, including Billy Joels’ ‘For the Longest Time’, and ‘Edelweiss’. The Trinity College Literary Association closed the evening by presenting their championship winning performance of ‘Romeo and Juliet’, notable for its minimalist approach, being presented without any costumes and precisely one prop. The TCLA would like to extend its heartfelt gratitude to everyone who made this event a reality. Notably, the Principal, Mr. Andrew Fowler-Watt, the Head of Administration, Mr. Ravi Amarasekara and the senior management; the teachers and masters in charge of each society and the directors of each production for their hard work in shaping fabulous performances; Mrs Umanga Bandara and the College Media Unit, and Mr Chethaka Athukorala for their professional work controlling lighting and sounds; Mr Sheshan Abeysekara for his excellent work in promoting the event and managing its social media coverage; Mr Nissanka, Mr Jayamanna and the College maintenance team for ensuring that the facilities were in prime form for the event; and of course, each and every participant of the event, without whose dedication and sacrifice none of this would have been possible. All things considered, we believe that this event achieved its goal; to provide an arena for the students of College to show their skills, talents, and their pride in their cultural heritage. We hope that it sets the stage for future events of the same nature and inspires more people to focus their attention on Arts and Culture, both within Trinity and out of it, and wish them the best of luck for the future!
The Sinhala debate team of Trinity College achieved third place at ‘Buddhiye Adaharaya’. The competition on the 16th of February was organized by Nugawela Central College in commemorating their 75th anniversary. With twenty schools participating from all over the province, it was a good opportunity for the young team to display its talent. The team was as follows: Kavindu Karunarathne (captain) Dinisuru Basnayake Damsith Aluthgedara Yohan Piyathilaka Dananjaya Herath The first debate was against Swarnamali Girls’ College Kandy, in which Trinity scored full marks, along with the best debater award. The second debate against Sangamiththa Balika College Mathale saw similar results with full marks and the best debater going to Trinity. In respect to the first two victories Trinity emerged as the best amongst the top 8 with 14 points. The second round started off with a tough opponent, Mahamaya College Kandy. However, Trinity braved on to defeat the girls with a 2 mark advantage and the best debater, thus promoting them to the top 4. In the semi-finals Trinity met St. Sylvester’s in a challenging encounter. This time though, they were unable to keep up the pace, losing to their Kandyan rival with a deficit of 2 points and placing third overall. The Sinhala debaters have achieved a lot recently in both zonal and provincial level. Amongst their accomplishments, they became 5th in ‘Sasrutha’ organized by St. Anthony’s Girls’ College, and were semi-finalists in ‘Tharkana Prathiba’ organized by Sri Rahula College Katugastota. These victories clearly show the improvement of Sinhala debating at Trinity and the enthusiasm to move forward. The Master in charge, Mr Subash Dhanasekera has been the driving force in all the activities, practices, and competitions of the debaters. The College hopes that Sinhala debating will continue improve in the years to come. – Review by Parinda Ratnayake
The Sinhala Literary Union of Trinity College Kandy organised its 13th edition of, “Waag Prathiba“ and the “Sahitha” award ceremony on the 6th of October 2018. The event was graced by Mr Samitha Anuradha Dunukepotha who attended as the Chief Guest for the occasion. Waag Prathiba, is an All-Island inter-school debating competition with schools from many parts of the country participating. All the debating competitions this year were held in classrooms at the Gaster block while the final debate was held in the College main hall. Ten schools participated in the debate competition and the third place was won by Maliyadeva College, Kurunegala. Royal College, Colombo became the Runners-up while Dharmaloka College, Kelaniya won the Champion’s Trophy for the year 2018. The winners of the essay and poetry competitions were awarded certificates at Shahitha award ceremony. View the full album on our Flickr site!