visitors have read this post.

සර්වාගමික සහජීවනයෙන් අර්ථවත් වූ ත්‍රිත්වයේ 51 වන වාර්ෂික සර්වරාත්‍රික පිරිත් පින්කම

කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයේ, පුරා අඩ සියවසකට අධික කාලයක්, අඛණ්ඩව පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් වාර්ෂිකව පවත්වන, එකම පාසල වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ය, එකී භාරධූර කාර්යයේ 51 වන අධියර, පසුගිය මාර්තු 7 සහ 8 දෙදින, විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය සාර්ථකව නිමා කරන්නට යෙදුනි.

මෙලොව පරලොව ආරක්ෂාව මෙන්ම සංසාර දුකෙන් මිදී, මනා වූ ලෝකෝත්තර ආරක්ෂාව සත්ත්වයාට ලබාදීම යන අරුත් ගත් පරිත්‍රාණ ධර්මයේ ආශීර්වාදයෙන්, ත්‍රිත්ව විද්‍යාලයීය පාලනාධිකාරිය, විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ව සියලු ලෝක සත්වයා හට සෙත් පැතීමත්, පාසලේ සියලු කටයුතු සාර්ථක වීමත්, ගිලන්ව සිටින සහ අප අතරින් වෙන්වී ගිය ත්‍රිත්ව විද්‍යාලයීය ආචාර්යය මණ්ඩලයේ ගුරුභවතුන්, ආදී ශිෂ්‍යයන් ආදීන්ට සෙත් පැතීමත්, යන උතුම් පාරිශුද්ධ අරමුණු මුදුන්පමුණුවා ගනු වස් බුද්ධ භාෂිත සූත්‍ර ධර්මයන් මහා සංඝරත්නය ලවා දේශනා කරවීම මෙහි පරමාර්ථය විය.

චිරාගත සම්ප්‍රදායට අනුව එදින අපර භාග 8.30 ට අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරයට ගොස් ගරුතර මහා සංඝරත්නයට ආරාධනය සිදු කරන ලද අතර, අනතුරුව කරඬුව හිස මත රැගත් බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපති පෙරටු කොට ගනිමින් ගරුතර මහා සංඝරත්නය, හේවිසි නාදයෙන් හා නර්තනයෙන් යුක්ත ව මහත් හරසරින් විද්‍යාලය වෙත වැඩම කරවන ලදී. අනතුරුව දැහැත් වට්ටිය පිළිගන්වමින් ගරුතර මහා සංඝරත්නයට පරිත්‍රාණ සජ්ඣායනය ට නමස්කාර පූර්වක ව ආරාධනය සිදු කරන ලද අතර එම ගෞරවනීය ආරාධනයෙන් මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය ආරම්භ කරන ලදී.

මහ පිරිත යනුවෙන් හඳුන්වනු ලබන්නේ තුන්සූත්‍රය යි. එනම් කරණීයමෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ රතන සූත්‍රය යි. එම මහ පිරිත මධ්‍යම රාත්‍රිය වන තෙක් සජ්ඣායනය කළ අතර අනතුරුව සෙසු පිරිත් සජ්ඣායනය ආරම්භ විය.

පසුදින, එනම් මැදින් මස අටවැනි වැනි ඉරු දින පූර්ව භාග 5.20 ට පමණ පිරිත් සජ්ඣායනය නිමා විය. පාසලේ සිසු දරුවන්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගී වූයේ සිත් තුළ වූ සුපහන් ශ්‍රද්ධාවෙන් යුක්තව ය. පසුදින හීල් දානය ද ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයට පූජා කිරීම සිදු කරන ලදී. ඒ සඳහා බැතිබර දායකත්වය දරන ලද්දේ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් ය.

ඉරුදින යෙදී තිබූ මීළඟ පුණ්‍යකර්මය වූයේ ගරුතර මහා සංඝරත්නයේ තිස් නමක් උදෙසා දහවල් දානය පිළිගැන්වීම යි. පූර්ව භාග 10:30 ට පමණ හේවිසි නාදයෙන් පිළිගනු ලැබූ මහා සංඝරත්නය ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන ශාලාව වෙත මහත් හරසරින් වැඩම කරවනු ලැබිණ. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මහා සංඝරත්නය සඳහා පූජා කළ යුතු සතර දාන වස්තු හෙවත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච අතරින් ශක්ති ආකාරව හැකි සියලු ම දේ පූජා කිරීම සහ ඒ සඳහා අනුග්‍රහය දැක්වීම ද, සංඝගත දක්ෂිණාව හරහා සිදුවිය. එය ද සාර්ථකව නිම කිරීමට හැකි වූයේ විශාල සැදැහැතියන් පිරිසකගේ සහභාගිත්වයෙනි.

මෙම භාරධූර කර්තව්‍ය ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරීමට හැකි වූයේ බොහෝ පිරිසකගේ සුපහන් දායකත්වයෙන් ය. ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඉගැන්වෙන, සර්වාගමික සුරක්ෂිතතාවය මෙන්ම, අන්‍යෝන්‍ය සහයෝගීත්වය ද පසක් කරමින්, විද්‍යාලයීය සර්වාගමික ශිෂ්‍යයන්ගේ මනා කැපවීමෙන් සහ විදුහල්පති පියතුමා, උප විදුහල්පති තුමන් ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නිවැරදි මඟ පෙන්වීම යටතේ මෙම උතුම් පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීමට හැකි විය. එසේම, මෙම වසරේ ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ අනුශාසිකා ධුරයට පත් වූ ගයනි හේරත් ගුරු මහත්මිය ද, පෙර අනුශාසක තුමා වූ දිසානායක ගුරු මහත්මා ද, මෙම කටයුත්තේ සාර්ථකත්වය වෙනුවෙන් සංගමය මෙහෙයවූහ. එසේම, පිරිත් මණ්ඩපය සඳහා, දුලංජය අබේවික්‍රම ගුරු මහතා දැක්වූ දායකත්වය ද මෙහිදී සිහිපත් කල යුතුය.

ත්‍රිත්ව විද්‍යාලයේ අන් සියලු කටයුතු වලදී මෙන්ම, බෞද්ධ ශිෂ්‍ය සංගමයේ මෙම උතුම් පුණ්‍ය කටයුත්තේ දී ද, නිබඳව පාසල හා රැඳෙන ආදී ශිෂ්‍ය පිරිස සහ දෙමාපියන් වෙතින් ලද මූල්‍ය සහ ද්‍රව්‍යමය දායකත්වය ද, මෙහිදී තුතිපූර්වකව සඳහන් කල යුතුය.

අන් සෑම වසරක දී මෙන්ම මෙම වසරේදී ද, පාසලේ නේවාසිකාගාර ශිෂ්‍යයන්ගෙන් ලැබුණු දායකත්වය ද අමිල ය. එමෙන් ම රැය පහන් කරමින් මෙම පුණ්‍යකර්මයේ සියලු ම කටයුතු නොපිරිහෙළා ඉටු කිරීමට ඔවුන් වෙහෙස වූයේ එකා මෙනි. එමෙන්ම ප්‍රධාන ශාලාව අලංකාර කිරීම ආදී කටයුතුවල දී සිය දායකත්වය දක්වන ලද සංගමයේ සෙසු ශිෂ්‍යයන්ගේ ද, ශිෂ්‍ය නායක මණ්ඩලයේ ද, ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ ද, වෙහෙස මහන්සිය සිහිපත් කළ යුතු ය.

අධ්‍යාපනයේ ප්‍රායෝගික පැතිකඩ මනාව සංවර්ධනය කරමින්, කණ්ඩායම් චේතනාවෙන් යුතුව වැඩ කිරීම, සිය කාර්යයන් බෙදා ගැනීම ආදී පුද්ගල චරිත සංවර්ධනයෙහි ලා මෙම පුණ්‍ය කර්මයෙන් ලැබෙන පිටුවහල අතිමහත් ය. මෙහිදී සියලු ම වැඩකටයුතු ශිෂ්‍යයන් අතින් සිදු වූයේ ආචාර්ය මණ්ඩලයේ ද නො මද අධීක්ෂණය යටතේ ය.

මෙකී පුණ්‍යකර්මයේ සාර්ථකත්වය වෙනුවෙන් සිය කාලය, ධනය, ශ්‍රමය කැප කල පාර්ශව බොහෝ වන බැවින්, නම් සඳහන් නොවූ පාර්ශවයන් වෙත් නම්, සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිමු. අවසාන වශයෙන් මෙම පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් උපකාර කළ සුපින්වතුන් උදෙසා ගෞරව පුණ්‍යානුමෝදනාව සිදු කරන අතර එළඹෙන වසරේ දී ද මෙම ගෞරව පූජිත පුණ්‍යකර්මයට සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු.

ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි!

(ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය)
(දළ සටහන – සුභාෂ් ධනසේකර)

51 වන සර්ව රාත්රික පිරිත් සජ්ඣායනය සහ සඟසතු දක්ෂිණාව
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
    1 day ago
  • Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
    1 day ago
  • 🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
    1 week ago
  • Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
    2 weeks ago
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds – from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. Just 23 days left! Seats are AVAILABLE NOW, so don’t wait till the last note! Purchase now at https://mind-your-music.com/ Entrance by Programme.
1 day ago
80
View on Instagram |
1/4
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony. May the blessed occasion bring joy, goodwill and togetherness to all.
1 day ago
108
View on Instagram |
2/4
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆 Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026. The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
1 week ago
400
View on Instagram |
3/4
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera. This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
2 weeks ago
652
View on Instagram |
4/4