visitors have read this post.

ශ්‍රී ලංකා වේදී නාට්‍යයේ අමරණීය සිතුවමක් වූ “මනමේ”: කලාත්මක විමසුමක්

ඩී.එම්.වී.එම්. දිසානායක 

ත්‍රිත්වය යනු කලාවේ තෝතැන්නකි. එසේ ත්‍රිත්වය කලා පිටු අතර පෙරළෙන්නාවූ නැවුම් පරිච්ඡේදය මනමේ නාට්‍යයයි. නාට්‍ය කලාව චිත්‍රාගාරයක් නම් එහි ඇති අමරණීයම සිතුවම නම් ‘මනමේ ‘ නාට්‍යයයි. එසේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් වූ මනමේ නාට්‍යය වර්ෂ 1956 දී දේශීය නාට්‍ය කලාවේ මිණි රුවනක් බදු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනය විය.


සියබසේ නාට්‍ය කලාවේ හැරවුම් ලක්ශයක් වූ මනමේ නාට්‍ය ‘අපේ කම’ පෙරදැරිකරගත් නාට්‍ය කලාවේ ප්‍රථම ශෛලීගත නාටකය විය. ‘චුල්ල ධනුද්ධර ‘ ජාතකය පසුබිම් වත වන මෙහි ඇතුළාන්තය මානවවාදී දෘෂ්ටිකෝණයකින් විචාරය කල සරච්චන්ද්‍රයන් මෙහි නාට්‍යම රසය සහ බමුණු මත්වලින් සේදී පරඬැල් වූ කාන්තාවගේ චරිතයේ හාත්පස විරුද්ධාර්ථය වූ නිදහස් සහ ප්‍රේමනීය බවද කාන්තාවගේ චරිතය තුළින්ම විදහා දැක් වීමට සිදුකල සියුම් වෙනස්කම් ඇසුරෙණි. මනමේ නාට්‍ය නම් කර තිබෙන්නේ එහි ප්‍රධාන චරිතය වන මනමේ කුමරු අනුවයි. බරණැස් පුර රජකම හිමි ඔහු දහසක් සිසුන් අතරින් දක්ෂ තම සිසුවා වූ ඔහු ආලවන්ත සිතක් මෙන්ම ප්‍රඥාවෙන් හා එඩිතර බවින් හෙබි ඔහු සර්වකාලීන තරුණියන්ගේ නියෝජනයකි. මනමේ කුමරිය නාට්‍යයේ ප්‍රධානතම චරිතයකි, එසේ වුවද ඇය ප්‍රබල ගති පෙන්නුම් කරන්නාවූ වීර කාන්තාවක් නොවේ; සුකුමාල, ලාළිනිය, ළද බොළඳ හා අවිහිංහසක ගති දක්වන්නියකි. එකල සමාජයේ සංස්කෘතිය අනුව සොලොස් වයසින් දීග යන තරුණයෙක් හා තරුණියක් ජීවිතයේ බැරෑරුම් බව දැනෙන්නට තරම් කාලයක් දෙදෙනාටම හිමි වී නොමැති බව ඔවුන්ගේ සිතුම් පැතුම් තුළින් ව්‍යංග්‍යාර්ථව නාට්‍ය කරුවා ප්‍රේක්ෂකයාට පෙන්වයි ඒ කෙසේ වුවත් කෝඩූකාර ආදරයෙන් බැඳුණු සිත් වලට දැනෙන හැඟෙන සිතුවිලි මහ වනයක වුව අති බියකරු බව මකා දමාවි, මුලු ලොවම සැණකෙලි දිස්කරාවී, සියලු ප්‍රශ්න ඉවත දමාවී.

මොවුන්ගේ ජීවිත උඩු යටිකුරු කරමින් වෙදීකාවට පිවිසෙන වැදි රජු ප්‍රේමය හමුවේ සමාජයේදී තරුණයන්ට විදීමට සිදුවන අභියෝග සංකේතවත් කරයි නාට්‍යයේ නම් මෙය ඉහළට ඇඳගත් හුස්ම පහළට නොහෙලිය හැකි ජවනිකාවකි. වදනින් මෙල්ල කරගත නොහැකි වූ වැදි රජ හා කායික සටනට එළඹෙන කුමරුන් ඔහුගේ වීර චරිතය ඔපදා පෙන්වයි මනමේ කුමරු සටනින් ජය ගනී. එයත් සමගම එළඹෙන්නේ සම්පූර්ණ නාට්‍යම විචාරයට බඳුන් කරන්නාවූ මොහොතයි,

“තනියෙන් සටනට සැරසී එමින්නේ…
මේ කගින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ…”

ඇය වැද්දාට සිත් බැඳගෙනද.? නැත්නම් ඇත්තටම වැද්දගේ උතුම් ගුණය හුවා දක්වන්නීද? දහසකුත් හේතූන්ගේ නාට්‍ය කරුවා පෙන්වන්නේ ඇගේ චකිතයයි.. ගැහැණිය චපලයැයි විචාරය කරන්නා තව ස්වාමියා මීනීමරුවකුව සිටුනු දැකීමට කැමති වන්නේ කුමන පතිනියක්ද? ඇය විනිශ්චය කිරීමට පෙර ඔබ සිතා බැලුවාද?…

වැදිරජ කඩු පහරින් අවසානයේ මනමේ කුමරු මිය යන්නේ කුමරිය මහ වනයක් මැද කිසිම හවුහරණක් නොමැතිව තනි කරමිනි. ශිල්ප ප්‍රගුණ කර නැති ඇයගේ නුහුරු දෑතට කඩුවද , කොපුවද..? කලබල මැද කාට දුන්නද ,කවුරු ගත්තද….?
විපත්තිය සිහිනයක් සේ ඈට පෙනී ගියේය…ඇගේ වරදින්දෝ, කාගේ වරදින්දෝ අවසානයේ ඇගේ දිවි මඩලින් හිරු බැස ගියේ හිරු උදාවීමටත් පෙරය…

“වැදි රජුට කඩුව පවරා…
වළ ළඟදී මනමෙව් හැඩුවා….
ඔය සියලු මතක සඟවා….
මහවැලිය ඔහේ ගැලුවා…”

_ සුනීර සුමන්ග_

ගලා යන්නාවූ මහවැලියට ශෝකාන්තයක් වූ මනමේ කඳුළු මතක රසයක්දෝ, නීරසක්දෝ නොදැන තව තවත් අප එක්කරයි…

මෙසේ ත්‍රිත්ව කලා පරිජේදයේ මනමේ නාට්‍යයේ මතකයන් ‘ බිනර මස’ පස් විසි දින වේදීකා ගතවීය !
ත්‍රිත්ව විද්‍යාලයේ සෞන්දර්යාත්මක සංසදයේ සංවිධාන ශක්තියෙන් ත්‍රිත්ව වේදීකාවේ මනමේ නාට්‍ය මෙසේ කළඑළි ගැන්වවූ වගයි……

මනමේ - වේදිකා නාට්‍ය

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 🏉 GAME DAY IS HERE! 🦁

The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield.

📍 Trinity College Rugby Stadium
🕓 Kick-off: 4.15 PM

Go Lions! Roar Trinity! ❤️💛💙
    1 day ago
  • 70 MINUTES TO WRITE ANOTHER CHAPTER OF LEGEND!

This Saturday, rally behind the Lions as they take the field for the 2nd Leg of the 80th #Bradby Shield Encounter. Fill the stands, raise your voices, and stand shoulder to shoulder as one Trinity family. Every cheer matters. Every moment counts. Let's bring the #Shield home. 🦁🏉
.
.

(Production directed by Yeshan Ranatunga, with cinematography by Pasindu Senavirathna, editing and music by Nesath Rajakaruna, and narration by Nethula Hettihewage, all from the Trinity College Media Unit.)
    2 days ago
  • 80th Bradby Shield 🏉
1 day more.

The wait is almost over.
The Lions are ready to roar at home. 🦁
    2 days ago
  • Never enough of this breathtaking view! 🍃
    2 days ago
🏉 GAME DAY IS HERE! 🦁

The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield.

📍 Trinity College Rugby Stadium
🕓 Kick-off: 4.15 PM

Go Lions! Roar Trinity! ❤️💛💙
🏉 GAME DAY IS HERE! 🦁 The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield. 📍 Trinity College Rugby Stadium 🕓 Kick-off: 4.15 PM Go Lions! Roar Trinity! ❤️💛💙
1 day ago
397
View on Instagram |
1/4
70 MINUTES TO WRITE ANOTHER CHAPTER OF LEGEND! This Saturday, rally behind the Lions as they take the field for the 2nd Leg of the 80th #Bradby Shield Encounter. Fill the stands, raise your voices, and stand shoulder to shoulder as one Trinity family. Every cheer matters. Every moment counts. Let's bring the #Shield home. 🦁🏉 . . (Production directed by Yeshan Ranatunga, with cinematography by Pasindu Senavirathna, editing and music by Nesath Rajakaruna, and narration by Nethula Hettihewage, all from the Trinity College Media Unit.)
1 day ago
8471
View on Instagram |
2/4
80th Bradby Shield 🏉
1 day more.

The wait is almost over.
The Lions are ready to roar at home. 🦁
80th Bradby Shield 🏉 1 day more. The wait is almost over. The Lions are ready to roar at home. 🦁
2 days ago
313
View on Instagram |
3/4
Never enough of this breathtaking view! 🍃
2 days ago
483
View on Instagram |
4/4