visitors have read this post.

රංගාවලිය පසුවිපරම

නර්තන, ගායන වාදන යන කලාත්‍රයෙන් අප සැම ලබන්නේ අසීමාන්තික වින්දනයක්. ඒ කලාත්‍රයේ වඩාත් ආස්වාදජනකම කලා මාධ්‍යයක් වන “රංගාවලී” නර්තන කළ එළි දැක්මට, සියල්ල සූදානම් වූයේ රසකාමී හදවත්වල බලාපොරොත්තුවේ පහන් දල්වමිනි. බොහෝ සංස්කෘතික උරුමකම් වලට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පාරම්පරික නර්තන කලාව සුන්දර වේදිකාවක් මත උත්කර්ෂයට නැංවීම නැරඹීම බොහෝ දෙනාට ආස්වාදයක් වන බැවින් ශාලාව රසවතුන්ගෙන් පිරි තිරී තිබුණි.

රංගාවලී නර්තනාභිෂේකයට ප්‍රාණවත් ආරම්භයක් ලබා දීමට ආරම්භක විශේෂාංගය වූ මගුල් බෙර වාදනයට හැකියාව ලැබිණි. පුරාණ ඉතිහාසයේ පටන් සුබ මොහොතක සුබ අවස්ථාවක ආරම්භය සනිටුහන් කරන ඒ මගුල් බෙර වැයුම, රංගාවලියේ ඉදිරි විශේෂාංගයන් ගේ අසිරිමත් බව කලින්ම වේදිකාව දෙස බලා හුන් රසවතුන්ගේ හදවතට සමීප කරන්නක් මෙන් විය. රංගාවලියට මංගල බෙර වාදනයෙන් ගත්තාවූ ආරම්භයද එක් අතකින් රංගාවලියේ අරමුණ යළිදු රසවතුන් වෙත සිහිපත් කරන්නක් ද වූ බවට සැක නැත. ඒ මංගල භේරී වාදනය හමාර කිරීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිග හැරුණේ මනරම් පූජා නර්තනාංගයකි. එය ද අපූර්ව චමත්කාරයක් රංගාවලියට එක් කළේය.

මුල් අංග දෙකෙන් පසුව කරලියට බට නාගරාක්ෂ නර්තනය රංගාවලිය මුළුල්ලේම පැවති අංග වලින් සුවිසෙස් අංගයක් ලෙස දකිනු වටී. ඊට හේතුව නම් මේ කාලය වන විට අම්බලන්ගොඩ ප්‍රදේශයට පමණක්ම වාගේ සීමා වෙමින් යන වෙස්මුහුණු ආශ්‍රිත නර්තන කලාවට ඒ තුළින් ලැබුණු නවමු බවයි.  පැරණි ඉතිහාසයක් සහිත එනමුත් වියැකෙමින් යන වෙස්මුහුණු  නර්තන කලාව වේදිකාව අභියස උන් රසවතුන්ගේ මනසේ නොමැකෙන සේ සටහන් කරන්නට ත්‍රිත්ව විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමත් විය. ඉන් පසුව මනරම් චාමර නර්තනයක් රංගාවලියේ දිග හැරුණු අතර, එය ද අතීත මතක යළි සිහිපත් කරන්නක් විය. බොහෝ දෙනා අවධානයෙන් බලා සිටි රබන් නර්තනාංගය පසුව ආරම්භ වූ අතර එය දුටු දෑස් අතර, එදා ජනකවියා කියූ සේ සිතකටවත් නොගෙන වයති විදුලිය විලසින් යන කවි පදය ලියැවී තිබෙන්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

ඉතිහාසය පුරා අංගවලදී ත්‍රිත්වට විෂධ කළ සහෝදරත්වය ඔස්සේ රංගාවලී වේදිකාවේ දිග හැරුණු කුළු නර්තනයෙන් පසුව කරළියට ආ ජස ලෙන්චිනා කෝලම රසාස්වාදය තුළම සිටි රසවතුන් යළි ප්‍රබෝදය කරා ගෙන ආ අංගයක් විය.අඩ සියවසක කාලය තුළ විද්‍යාලයිය නර්තන කණ්ඩායමේ මුද්‍රාව බඳු වූ වෙස් නර්තනයට වේදිකාව වෙන්වුණේ ඉන් පසු අවස්ථාවක යි. එදා මහා සම්මත රජ දවස දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන මේ නර්තනය සඳහා නර්තන ශිල්පියෙකුට වරම් ලැබීම සඳහා හෙතෙම දැක්විය යුතු අප්‍රතිහත ධෛර්‍යය බලා සිටි ජනයා තුළ රඳවමින් තාණ්ඩව ලක්ෂණයන් මනා ව හසුරුවමින් කළ එම නර්තනය උළෙල පුරා සිදුකළ අංග අතර මා දකින සුවිශේෂීම අංගයයි. පන්තේරු නැටුමෙන් හා බුදු ගුණ වයමින් නිර්මාණය වුණු, උඩරට වන්නම්වලින් එකක්වන අසදෘස වන්නම කළ එළි බැසීමෙන් පසුව මීළඟට පැමිණි අංගය වන ගිනිසිසිල නර්තනාංගය ද ත්‍රිත්වයේ මුද්‍රාව නැරඹූ රසවතුන්ගේ දෙනෙත්වල දීප්තිමත්ව සටහන් තැබීය.

ඉන්පසුව වේදිකාව දිග හැරුණු උඩැක්කි නර්තනය ආතත භාණ්ඩයකින් හදවත් වල නිමැවූ වර්ණනය කිව නොහැකි තරමේ එකකි. පසුව අප නර්තන කලාව හා වෙනත් රටක ආහාෂය ලැබූ වඩිග පටුන නර්තනයක් අපට දක්නට ලැබුණි.

උඩරට නර්තන කලාව රට තුළ ද කෙමෙන් අභාවයට යමින් පවතින කාලයක, ගැඹුරාර්ථයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ ඒ නර්තන කලාව ගැන සටහන් තැබීම එක්තරා විස්කමකි. රංගාවලි තුළින් ත්‍රිත්ව විද්‍යාලයීය උඩරට නර්තන කණ්ඩායම එය පහසුවෙන්ම කළ බව මගේ හැඟීමයි.

Review by Mrs. Disna Perera

Event Photographed by the Trinity College Media Unit

Flickr Album Gallery Pro Powered By: Weblizar
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 37–32. Victory secured. 🦁🔥

A thrilling contest sees Trinity College edge past Zahira College 37–32 after an intense battle that went right down to the final whistle.

Video by Pasindu Senavirathne for Trinity College Media Unit
    18 hours ago
  • Full-time at the Dialog Schools Rugby League 2026 🏉

A hard-fought victory for the Lions as Trinity College secures a thrilling 37 – 32 win! 💪🔥
Credit to a determined opponent — well played Zahira for an intense battle till the very end.
    21 hours ago
  • 🏉 Match Day is Here! 🦁

The Lions are ready to charge into battle as Trinity take on Zahira in the Dialog Schools Rugby League 2026!

📍 Zahira College Grounds, Maradana
⏰ Kick-off: 4.15 PM

The Lions are ready to charge into battle as Trinity takes on Zahira in the Dialog Schools Rugby League 2026! heard! 🔴🟡🔵
    1 day ago
  • 🏉 Match Day Awaits! 🦁

The Lions are set to charge into another thrilling encounter in the Dialog Schools Rugby League 2026 as Trinity College takes on Zahira College.

📍 Zahira College Grounds, Maradana
📅 20 June 2026
⏰ Kick-off: 4.15 PM

Stand with the boys, raise your voices, and back the Red, Gold & Blue as they battle for glory on the rugby field.
    2 days ago
37–32. Victory secured. 🦁🔥 A thrilling contest sees Trinity College edge past Zahira College 37–32 after an intense battle that went right down to the final whistle. Video by Pasindu Senavirathne for Trinity College Media Unit
13 hours ago
9933
View on Instagram |
1/4
Full-time at the Dialog Schools Rugby League 2026 🏉

A hard-fought victory for the Lions as Trinity College secures a thrilling 37 – 32 win! 💪🔥
Credit to a determined opponent — well played Zahira for an intense battle till the very end.
Full-time at the Dialog Schools Rugby League 2026 🏉 A hard-fought victory for the Lions as Trinity College secures a thrilling 37 – 32 win! 💪🔥 Credit to a determined opponent — well played Zahira for an intense battle till the very end.
16 hours ago
91911
View on Instagram |
2/4
🏉 Match Day is Here! 🦁

The Lions are ready to charge into battle as Trinity take on Zahira in the Dialog Schools Rugby League 2026!

📍 Zahira College Grounds, Maradana
⏰ Kick-off: 4.15 PM

The Lions are ready to charge into battle as Trinity takes on Zahira in the Dialog Schools Rugby League 2026! heard! 🔴🟡🔵
🏉 Match Day is Here! 🦁 The Lions are ready to charge into battle as Trinity take on Zahira in the Dialog Schools Rugby League 2026! 📍 Zahira College Grounds, Maradana ⏰ Kick-off: 4.15 PM The Lions are ready to charge into battle as Trinity takes on Zahira in the Dialog Schools Rugby League 2026! heard! 🔴🟡🔵
1 day ago
4961
View on Instagram |
3/4
🏉 Match Day Awaits! 🦁

The Lions are set to charge into another thrilling encounter in the Dialog Schools Rugby League 2026 as Trinity College takes on Zahira College.

📍 Zahira College Grounds, Maradana
📅 20 June 2026
⏰ Kick-off: 4.15 PM

Stand with the boys, raise your voices, and back the Red, Gold & Blue as they battle for glory on the rugby field.
🏉 Match Day Awaits! 🦁 The Lions are set to charge into another thrilling encounter in the Dialog Schools Rugby League 2026 as Trinity College takes on Zahira College. 📍 Zahira College Grounds, Maradana 📅 20 June 2026 ⏰ Kick-off: 4.15 PM Stand with the boys, raise your voices, and back the Red, Gold & Blue as they battle for glory on the rugby field.
2 days ago
6871
View on Instagram |
4/4