visitors have read this post.

සද් භාෂා නිම්තෙරක් සොයා ගිය ගමන: Squealery සහ Garrett දිනූ 2026 වාග් සංග්‍රාමය

ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය “නිවාසාන්තර වාග් සංග්‍රාමය ” යන මැයෙන් විද්‍යාලයීය නව්‍ය විවාදකයින් කළඑලි දැක්වීමේ සිව්වන අදියර සනිටුහන් වුයේ 2026 ක් වූ පොසොන් මස 06 වන ශනි දින විද්‍යාලයීය ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේදී ය. මෙවර තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දක්වමින් කනිෂ්ඨ අංශයේ ශූරතාවය Squealery නිවාසය විසින් දිනා ගත් අතර, ජ්‍යෙෂ්ඨ අංශයේ වාග් කිරුළ Garrett නිවාසය විසින් හිමිකර ගන්නා ලදී.

ප්‍රථමයෙන්, මෙම කර්තව්‍යය සඳහා දෙවි සමිඳුන්ගේ ආශිර්වාදය ලබා එදින සපැමිණි සියල්ලන් ගෞරවාදරයෙන් පිළිගනු ලැබුවේ අප සංගමයේ සභාපති දුලිත කරුණාරත්න සොහොයුරා විසිනි.

තරගාවලියේ නීති රීතී සහ කාල ගණනය සිදු කරන ආකාරය ත්‍රිත්ව විද්‍යාලයීය ජ්‍යේෂ්ඨ විවාද සංගමයේ සභාපති ගිම්නේශද පෙතියාගොඩ සොහොයුරා විසින් මනාව පහදා දුන්නේය. උරෙන් උර ගැටුණු විවාද සැසි තුනක් අවසානයේ දී මෙවර නිවාසාන්තර වාග් සංග්‍රාමයේ අවසන් මහා තරගයට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් ඔස්සෙ නිවාස දෙක බැගින් තේරීපත්වූයේ විද්වත් විනිසුරු මණ්ඩලයක ප්‍රධානත්වයෙනි.

ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් මූලික වටය තම වාග් කෞශල්‍යයෙන් සැරසූ Squealery නිවාසය හා ඔවුන් හා නොදෙවෙනිව ගැටුණු Gibson නිවාසයද, ජ්‍යෙෂ්ඨ අංශයෙන්, ඉතා උණුසුම් විවාද සැසි කිහිපයකින් අනතුරුව Garrett නිවාසයද, තරගකාරී Simithraaratchy නිවාසයද අවසන් මහා තරගයේදී තරග වැදීමට සුදුසුකම් ලැබීය.

මෙලෙස නිවාසාන්තර වාග් සංග්‍රාමයේ පළමු අදියර නිමාව අප සංගමයේ ලේකම් නිදෂ් ප්‍රනාන්දු සහෝදරයා සනිටුහන් කළේ මෙම උද්වේගකර කර්තව්‍යය සාර්ථක කිරීමෙහි ලා සහය වුූ සියල්ලන් සිහිපත් කරමින් අප සංගමයේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරමිනි.

“සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් ධාරාව” මැයෙන් දිගහැරුනු, නිවාසන්තර වාග් සංග්‍රාමයේ කනිෂ්ඨ අංශයේ අවසන් සටන සමාරම්භ වූයේ පොසොන් මස 17 වන දා පාසල් උදය රැස්වීමෙන් අතරතුරදීයි. ඒ සඳහා පළමු වටයේ පෙරමුණ ගත් Gibson නිවාසය සහ Squealery නිවාසය තරග වැදුණි. දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ ප්‍රබල මතවාද සහ තර්කයන් හමුවේ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන්, විනිශ්චය පත්‍රිකා 5-0 ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Squealery නිවාසය සමත් විය. එමෙන්ම සමස්ත තරගාවලිය පුරාම කැපී පෙනෙන වාග් චාතුර්යයක් ප්‍රදර්ශනය කළ Squealery නිවාසයේ පළමු කථිකයා වන සනිජ බණ්ඩාර ශිෂ්‍යයා කනිෂ්ඨ අංශයේ දක්ෂතම කථිකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

ඉන්පසුව ජ්‍යේෂ්ඨ අංශයේ අවසන් මහා සංග්‍රාමය එදිනම, ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා පළමු වටයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ Simithraaratchy නිවාසය සහ Garret නිවාසය වේදිකාව මත මුහුණට මුහුණ ලා සටන් වැදුණි. වාග් පටුත්වයේ සහ ඥානාන්විත තර්කනයේ උපරිම සීමාවන් සනිටුහන් කළ මෙම තීරණාත්මක තරගයෙන්, විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් විනිශ්චය පත්‍රිකා 5-0 ක් ලෙස සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් මෙවර ජ්‍යෙෂ්ඨ අංශයේ වාග් කිරුළ දිනා ගැනීමට Garret නිවාසය සමත් විය. තරගාවලියේ සුවිශේෂීම ඇගයීම වන ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම කථිකයා ලෙස Garret නිවාසයේ පළමු කථිකයා වන අශේන් විජේසිංහ ශිෂ්‍යයා අභිෂේක ලැබීය.

කනිෂ්ඨ අංශය  

Squealery නිවාසය – ප්‍රථම ස්ථානය

Gibson නිවාසය – දෙවන ස්ථානය

Saunders නිවාසය – තෙවන ස්ථානය

Sahayam නිවාසය – සිව්වන ස්ථානය

Pilcher නිවාසය – පස්වන ස්ථානය

ජ්‍යේෂ්ඨ අංශය

Garrett නිවාසය – ප්‍රථම ස්ථානය

Simithraaratchy නිවාසය – දෙවන ස්ථානය

Central Boarding House (CBH) නිවාසය – තෙවන ස්ථානය

Oorloff නිවාසය – සිව්වන ස්ථානය

Lemuel නිවාසය – පස්වන ස්ථානය

මේ කර්තව්‍යය සෑම අතින්ම සාර්ථක කරගැනීමට, තම උපරිම සහයෝගය ලබාදුන් අප පාසලේ විදුහල්පති, ගරු අරලිය ජයසුන්දර (OSB) පියතුමන්ද, උප විදුහල්පතිවරුන්ද, විෂය සමගාමී අංශ ප්‍රධානී, වාසනා දිසානායක ගුරුපියාණන්ද, අපගේ අනුශාසකතුමිය වන චමරිකාජයරත්න ගුරුමෑණියන් හා සුභාෂ් ධනසේකර ගුරුපියාණන් සමඟ නිවාසයන් භාරව කටයුතු කළ ගුරු මව්වරු හා ගුරු පියවරු ද හදපිරි ගෞරවාදර බැතියෙන් සිහිකරමු. තවද, නොපසුබට කැපවීමෙන්, අසීමිත උත්සාහයෙන් හා එකමුතු හැඟීමෙන් කටයුතු කළ අපගේ සිංහල සාහිත්‍ය සංගමයේ සොයුරු කැලගේ ඉමහත් දායකත්වය ද කෘතවේදීව සිහිපත් කළ යුතුම ය.

මෙම අභියෝගාත්මක කර්තව්‍යය සිව්වන වරටත් සාර්ථකව නිමාවට පත් කිරීමට නොමඳ දායකත්වයක් දැක්වූ ඇප කැප වූ සියලු දෙනා වෙත සිංහල සාහිත්‍ය සංගමයේ හදපිරි කෘතඥතාව පුද කරමු. එම සියලු දෙනාගේම කැපවීම, සහයෝගය හා අනුග්‍රහය හේතුවෙන් වාග් ප්‍රතිභාවෙන් දිදුලන, චින්තනයෙන් පෝෂිත නව විවාදක පරපුරක් බිහි කිරීමට තවත් වැදගත් පියවරක් තැබීමට අපට හැකි විය. පාසලටත්, සමාජයටත්, දැයටත් අභිමානයක් ගෙනෙන දක්ෂ විවාදකයින් අභිෂේක ගැන්වීමේ මෙම උදාර මෙහෙවරේ කොටස්කරුවන් වූ සියලු දෙනාගේම දායකත්වය අපි ඉමහත් අගය කරමු.

නැවතත් නව අදහස්, නව අභියෝග සහ නව ජයග්‍රහණ සමඟින් හමුවන තුරු, ඔබ සැමට සුබපැතුම් හා ආසිරි!

සටහන: සවින් දන්තසිංහ (උප ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය)

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Congratulations to Master Ammar Manzil, 2nd year 1st XV coloursman on being selected to represent Sri Lanka at the Asia Rugby Emirates U18 7s tournament on the 5th and 6th of September at Qingdao, China. 

The Trinity community wishes him all the best as he represents the country in the world stage.
    3 days ago
  • 50% of the seats are already filled!

The countdown to Mind Your Music 2026: Romantics to Rock ’N’ Roll is on! Get ready for an unforgettable evening of choral classics, contemporary favourites and the energy of rock ’n’ roll.

Get your tickets now: trinitycollege.lk/mym
    5 days ago
  • Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
    1 week ago
  • Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
    1 week ago
Congratulations to Master Ammar Manzil, 2nd year 1st XV coloursman on being selected to represent Sri Lanka at the Asia Rugby Emirates U18 7s tournament on the 5th and 6th of September at Qingdao, China. 

The Trinity community wishes him all the best as he represents the country in the world stage.
Congratulations to Master Ammar Manzil, 2nd year 1st XV coloursman on being selected to represent Sri Lanka at the Asia Rugby Emirates U18 7s tournament on the 5th and 6th of September at Qingdao, China. The Trinity community wishes him all the best as he represents the country in the world stage.
3 days ago
885
View on Instagram |
1/4
50% of the seats are already filled!

The countdown to Mind Your Music 2026: Romantics to Rock ’N’ Roll is on! Get ready for an unforgettable evening of choral classics, contemporary favourites and the energy of rock ’n’ roll.

Get your tickets now: trinitycollege.lk/mym
50% of the seats are already filled! The countdown to Mind Your Music 2026: Romantics to Rock ’N’ Roll is on! Get ready for an unforgettable evening of choral classics, contemporary favourites and the energy of rock ’n’ roll. Get your tickets now: trinitycollege.lk/mym
5 days ago
110
View on Instagram |
2/4
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds – from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. Just 23 days left! Seats are AVAILABLE NOW, so don’t wait till the last note! Purchase now at https://mind-your-music.com/ Entrance by Programme.
1 week ago
1001
View on Instagram |
3/4
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony. May the blessed occasion bring joy, goodwill and togetherness to all.
1 week ago
138
View on Instagram |
4/4