visitors have read this post.

සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව

 2024ක් වන මෙ වසරේදී ත්‍රිත්ව විද්‍යාලය තුල  අභිමානවත් වර්ෂ 111ක් සපුරාලන විද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය විසින් ත්‍රිත්වයන්ගේ විවාද කුසලතා ඔපනැංවීමෙහිලා දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව” ලෙසින් කලඑළි ගැන්වූ නිවාසාන්තර වාග් සංග්‍රාමයේ මූලික වටය අතිසාර්තක අයුරින් විද්‍යාලීය පරිශ්‍රයේදි ජුනි මස 22වන ශනි දින දිගහරුනි.

තරගාවලිය උදෙසා සහභාගී වන නවක විවාදකයින් සදහා පුහුණු මාලාවක්ද සිංහල සාහිත්‍ය සංගමය විසින් පුහුණු සැසි තුනක් ඔස්සේ සංවිධානය කරනු ලැබුවේ සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති චේතිය අබේකෝන්, විද්‍යාලීය සිංහල විවාද සංසදයේ නායක සෙත්ලත් දිස්සානායක ප්‍රමුඛ සාමාජිකයන් හා ආදි විවාදකයින්ගේ අනුශාසකත්වයෙනි.

පළමු වැඩමුළුව මැයි 15 දින පැවැත්විණි. මෙම වැඩමුළුව මගින් තරගකරුවන්ට විවාද කිරීමේ මූලික කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන ලදී.දෙවන වැඩමුළුව මැයි 22 වන බදාදා දින පැවැත්වූයේ විවාද කුසලතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තරගකරුවන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීමේ අපේක්ෂාවෙණි. අවසාන වැඩමුළුව ජූනි 12ස් වන දින පැවැත්වූ අතර එහිදී තරගකරුවන්ට තරගාවලියේ දී තම කණ්ඩායමට ජයග්‍රහණය කරවන මාර්ගවලට මනා අවබෝධයක් ලබා දෙන ලදී.

උරෙන් උර ගැටුණු  විවාද කිහිපයක් අවසානයේ දී මෙවර නිවාසාන්තර වාග් සංග්‍රාමයේ අවසන් මහා තරගයට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් ඔස්සෙ නිවාස දෙක බැගින් තේරීපත්වූයේ විද්වත් විනිසුරු මණ්ඩලයක ප්‍රධානත්වයෙනි.

ජ්‍යෙෂ්ඨ අංශය

නිවාසයමුළු ලකුණු
Garret60
Oorloof50
Simithraaratchy45
CBH20
Lemuel0

කන්ෂ්ඨ අංශය

නිවාසයමුළු ලකුණු
Squealery70
Pilcher45
Gibson25
Saunders20
Sahayam15

ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් මූලික වටය තම වාග් කෞශල්‍යයෙන් සැරසූ Squealery නිවාසය  හා ඔවුන් හා නොදෙවෙනිව ගැටුණු Pilcher නිවාසය අවසන් මහා තරගයේදී තරග වැදීමට සුදුසුකම් ලබා තිබේ.

ජ්‍යෙෂ්ඨ අංශයෙන්, ඉතා උණුසුම් විවාද කිහිපයකින් අනතුරුව මූලික වටයේදී අපරාජිත Garret නිවාසයද, තරගකාරී Oorloff නිවාසයද, “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව”, නිවාසාන්තර වාග් සංග්‍රාමයේ ශූරතාවය තමන් සතු කර ගැනීමෙ අභිප්‍රායෙන් විද්‍යාලීය උදෑසන රැස්වීමේදී තරග වැදීමට නියමිත වේ.

අශේන් විජේසිංහ

( සිංහල විවාද සංසදය, සිංහල සාහිත්‍ය සංගමය)

Inter House Sinhala Debating Competition 2024
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • The moments. The passion. The victory. ❤️💛💙

Highlights from Trinity’s unforgettable win at the Hill Country Battle of the Blues

Video by Kareshkar Puvanenthiran, Nesath Rajakaruna and Pasindu Senevirathne for Trinity College Media Unit
    2 days ago
  • Three hearty cheers to our Champions!! 👏🏽
.
.

(Video by Damsith Liyanage)
    2 days ago
  • Trinity College wins the Hill Country Battle of the Blues after fourteen years!

Trinity’s last outright win came in 2012 under Niroshan Dickwella.
    3 days ago
  • Kanilka Anthony spins a web around the Antonian batting line up to claim a superb 10 wicket match haul.
    3 days ago
The moments. The passion. The victory. ❤️💛💙 Highlights from Trinity’s unforgettable win at the Hill Country Battle of the Blues Video by Kareshkar Puvanenthiran, Nesath Rajakaruna and Pasindu Senevirathne for Trinity College Media Unit
1 day ago
5491
View on Instagram |
1/4
Three hearty cheers to our Champions!! 👏🏽 . . (Video by Damsith Liyanage)
2 days ago
1,125
View on Instagram |
2/4
Trinity College wins the Hill Country Battle of the Blues after fourteen years!

Trinity’s last outright win came in 2012 under Niroshan Dickwella.
Trinity College wins the Hill Country Battle of the Blues after fourteen years! Trinity’s last outright win came in 2012 under Niroshan Dickwella.
2 days ago
1,1242
View on Instagram |
3/4
Kanilka Anthony spins a web around the Antonian batting line up to claim a superb 10 wicket match haul.
Kanilka Anthony spins a web around the Antonian batting line up to claim a superb 10 wicket match haul.
3 days ago
449
View on Instagram |
4/4