ලංකාව තුළ බැබළෙන පාසල් ද්විත්වයක මුළු කන්ද උඩරට පුරාම සැරසූ ජය ඝෝෂා අතරට ලාංකික සම්ප්රදාය මුසු කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.උඩරැටියන් හට ආවේණික වූ වෙස් නර්තන ශිල්පයත් ඒ හා සමගම එන වෙස් ඇඳුම් කට්ටලය දේවාභරණ හා සමාන වන්නකි.මීට අවුරුදු සිය ගණනාවක් සිට පැමිණෙන සම්ප්රදාය වාසනාවේ සංකේතයක් ද වේ.
මෙවැනිම ලාංකික නර්තන සම්ප්‍රදායන් තුළ එන පහතරට සම්ප්‍රදායට ද අයත් දෙවොල් ඇඳුම් කට්ටලයද ශිල්පීන්ද ශ්‍රී ලාංකික ප්‍රාදේශීය සම්ප්රදායද එක් කොට නවීනත්වය විදහා දක්වමින් ලංකාවේ විශාලතම රග්බි ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩකයන් හට සුභාසිරි පතමින් ද නරඹන්නන්ට ආස්වාදය ලබාදෙමින් ද ක්‍රීඩාවෙන් වර්ණවත් වූ මෙදා නර්තනයෙන් චිත්‍රවත් කිරීමට ත්‍රිත්ව විද්‍යාලීය ජාතික නර්තන හා වාදන කණ්ඩායමට හැකි විය. හැඩතල ,රේඛාවන් අත්පා එකා මෙන් හසුරවා අවකාශය භාවිතය තුළිමුත් දේශීය වාද්‍ය භාණ්ඩ වූ ගැටබෙරය, යක් බෙරය, දවුල, තම්මැට්ටම හා ගායනා මුසුවූ විචිත්‍රවත් ප්රසාංගික අත්දැකීමක් මෙම ක්‍රීඩාව හා එක් විය.
මෙවැනි ක්‍රීඩාවන් හා සාම්ප්‍රදායිකත්වය අගය කිරෙමින් ත්‍රිත්ව විදුහලේදී ශිෂ්‍යයන් හට ක්‍රීඩාවන් තුළින් ශක්තිමත් හා ජවසම්පන්න පෞරුෂයක්ද ආකල්පයන්ද ගොඩනගා ගනිමින් එම පෞරුෂත්වය හා ආකල්පයන්ට සම්ප්රදාය, කලාව යන ආභරණ පළන්දා ත්‍රිත්ව විදු මව සමාජයට පරිපූර්ණ මිනිසෙක් බිහි කිරයි.
ලිපිය: Avishka Wanigasekara, Ishanka Nawarathna, Thiynuwan Nawarathna (සිංහල සාහිත්‍ය සංගමය)