visitors have read this post.

ත්‍රිත්ව වාග් සංග්‍රාම භූමි නව්‍ය පෙරළියේ ද්වාරාභිමුඛව!

ක්‍රිස්තු වර්ෂයෙන් 2023 යනු ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයට අතිශය වැදගත් වර්ෂයකි. මේ වසරේ අප සංගමයේ එකසිය දස වන සංවත්සරය යෙදී තිබීම ඊට නිමිත්තයි. එවන් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප සංගමය ආ ගමන් මඟ දෙස හැරී බලන කල කාට වුව ද පෙනෙනුයේ; සාර්ථක ව අභියෝග ජය ගෙන තම ඉලක්ක සපුරාගත් සංගමයක් ලෙස යි.

ශ්‍රී ලාංකේය පාසල් විවාද කලාව තුළ ප්‍රශංසනීය සන්ධිස්ථානයක් සනිටුහන් කළ “වාග් ප්‍රතිභා” යනු අප සංගමය විසින් 2006 වර්ෂයේ සිට නො කඩවා පවත්වාගෙන එනු ලබන අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය යි. ඒ හරහා නෙළාගත් අස්වනු තුළින් තම චින්තනය හා ජීවිතය සාරවත් කරගත් සිසුන් අනල්ප ය. ඉහත කී පරිද්දෙන් අප සංගමයේ එකසිය දස වන සංවත්සරය යෙදෙන මේ වසරේ දී යම් සුවිශේෂී කර්තව්‍යයකට අත්පොත් තැබීම අප සිත්හි නිරන්තරයෙන් පැසුණකි. පැවතුණකි. එහි මුල ලියලන්නේ අප සංගමය විසින් නිවාසාන්තර විවාද තරගාවලියක් සංවිධානය කිරීමට කතිකා කර ගැනීමෙන් අනතුරු ව ය. “වාග් ප්‍රතිභා” අන්තර් පාඨශාලීය විවාද තරගාවලියට සමගාමී ව පැවැත්වෙන මෙය විද්‍යාලයීය සිසුන්ගේ තාර්කික චින්තනය ඔප්නංවාලමින් විවාද කුසලතා වඩවාලීම, සමාජය සහ මානව ධර්ම ගැන අවබෝධයක් ලබා දීම, සවිමත් චින්තනයෙන් සන්නද්ධ දැයක් රටට දායාද කිරීම ආදි අභිමතාර්ථ සාධනය කර ගැනීම යි මෙහි අරමුණ.

එකී විවාද තරගාවලිය සඳහා තරගකරුවන් සන්නාහ සන්නද්ධ කිරීම වෙනුවෙන් වැඩමුළු තුනක් සාර්ථකව දියත් කිරීමට හැකි වීම පිළිබඳ ව අප සංගමයට ඇත්තේ අප්‍රමාණ ආනන්දයකි.

මේ සඳහා දියත් කළ පළමු වැඩමුළුව “විවාදයක් යනු?” යන තේමාවෙන් මැයි මස පළමු වැනි සඳුදා පැවැත්විණ. එහි ආරාධිත දේශකවරයා ලෙස සහභාගි වූයේ 2018 වසරේ සිට 2021 වසර තෙක් අප විද්‍යාලයීය ජ්‍යේෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය හෙබැවූ කවිඳු කරුණාරත්න සහෝදරයා යි. එහි දී විවාදයක් හැඳින්වීම, කරුණු රැස් කිරීම, කරුණු පෙළගැස්වීම සහ ඉදිරිපත් කිරීම යන දෑ පිළිබඳ ව තරගකරුවනට මනා අවබෝධයක් ලබා දිණි.

දෙ වන වැඩමුළුව පැවැත්වුණේ මැයි මස දහ අට වන බ්‍රහස්පතින්දා වන අතර වැඩමුළුවේ තේමාව වූයේ “විවාදයක තාක්ෂණික පැතිකඩ” යන්න යි. මෙම වැඩමුළුවේ දී මාතෘකාව සඳහා පදනමක් සැකැසීම, තම කථාව ගොඩනැඟීම යන කුසලතා ගැන අවබෝධයක් ලබාදුන් අතර ප්‍රායෝගික පුහුණුවක් ද පැවැත්විණ. මෙහි ආරාධිත දේශකයා ලෙස තම සහභාගිත්වය ලබා දුන්නේ 2015 වසරේ සිට 2016 වසර තෙක් අප විද්‍යාලයීය ජ්‍යේෂ්‍ඨ සිංහල විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සහන් ප්‍රේමලාල් සහෝදරයා යි. එ පමණක් නො ව විද්‍යාලයීය ජ්‍යේෂ්‍ඨ සිංහල විවාද කණ්ඩායමේ වර්තමාන නායකත්වය හොබවන යොහාන් අමල්ක පියතිලක සහෝදරයා විසින් ද මෙම වැඩමුළුවේ දී අනර්ඝ දේශනයක් පවත්වන්නට යෙදිණි.

තරගාවලිය සඳහා පැවැත්වූ අවසාන වැඩමුළුව එ නම් තුන් වන වැඩමුළුව ජූනි මස පළමු වන බ්‍රහස්පතින්දා පවත්වන්නට යෙදුණු අතර එහි කටයුතු මෙහෙයවූයේ විද්‍යාලයීය ජ්‍යේෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ සාමාජිකයන් විසිනි. මෙම වැඩමුළුවේ තේමාව වූයේ “තම කණ්ඩායම ජයග්‍රහණය කරවන්නේ කෙසේ ද?” යන්න වූ අතර විවාද කණ්ඩායමක් තුළ තම ස්ථානීය කාර්යභාරය මනා ව ඉටු කරන ආකාරය පිළිබඳ ව අවබෝධයක් තරගකරුවනට ලබාදිණි.

නිවාසාන්තර විවාද තරගාවලියේ මූලික වටයේ තරග ජූනි මස 24 වන සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංගමයක් ලෙස අප පවසන්නේ ළබැඳි සතුටකිනි. තරගාවලියේ කනිෂ්ඨ අංශයේ අවසාන මහා තරගය ජූලි මස 5 වන බදාදා දින පැවැත්වෙනු ඇති අතර ජ්‍යේෂ්ඨ අංශයේ අවසාන මහා තරගය ජූලි මස 7 වන සිකුරාදා පැවැත්වෙනු ඇත.

එ සේ පවත්වන්නට යෙදුණු වැඩමුළුවලින් නෙළාගත් අස්වනු මගින් තරගාවලියට සාර්ථක ව මුහුණ දී, තම නිවාසයට කීර්තියක් අත්පත් කර දීමට තරගකරුවනට හැකි වනු නො අනුමාන ය. ඔබට ජය!

විරුණ ප්‍රියනන්ද,
උපලේකම්,
සිංහල සාහිත්‍ය සංගමය.

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 🏉 GAME DAY IS HERE! 🦁

The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield.

📍 Trinity College Rugby Stadium
🕓 Kick-off: 4.15 PM

Go Lions! Roar Trinity! ❤️💛💙
    11 hours ago
  • 70 MINUTES TO WRITE ANOTHER CHAPTER OF LEGEND!

This Saturday, rally behind the Lions as they take the field for the 2nd Leg of the 80th #Bradby Shield Encounter. Fill the stands, raise your voices, and stand shoulder to shoulder as one Trinity family. Every cheer matters. Every moment counts. Let's bring the #Shield home. 🦁🏉
.
.

(Production directed by Yeshan Ranatunga, with cinematography by Pasindu Senavirathna, editing and music by Nesath Rajakaruna, and narration by Nethula Hettihewage, all from the Trinity College Media Unit.)
    20 hours ago
  • 80th Bradby Shield 🏉
1 day more.

The wait is almost over.
The Lions are ready to roar at home. 🦁
    1 day ago
  • Never enough of this breathtaking view! 🍃
    1 day ago
🏉 GAME DAY IS HERE! 🦁

The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield.

📍 Trinity College Rugby Stadium
🕓 Kick-off: 4.15 PM

Go Lions! Roar Trinity! ❤️💛💙
🏉 GAME DAY IS HERE! 🦁 The wait is over! Trinity takes the field for the Second Leg of the 80th Bradby Shield. Stand together, raise your voices, and rally behind the Lions as they battle for honour, pride, and the Shield. 📍 Trinity College Rugby Stadium 🕓 Kick-off: 4.15 PM Go Lions! Roar Trinity! ❤️💛💙
6 hours ago
397
View on Instagram |
1/4
70 MINUTES TO WRITE ANOTHER CHAPTER OF LEGEND! This Saturday, rally behind the Lions as they take the field for the 2nd Leg of the 80th #Bradby Shield Encounter. Fill the stands, raise your voices, and stand shoulder to shoulder as one Trinity family. Every cheer matters. Every moment counts. Let's bring the #Shield home. 🦁🏉 . . (Production directed by Yeshan Ranatunga, with cinematography by Pasindu Senavirathna, editing and music by Nesath Rajakaruna, and narration by Nethula Hettihewage, all from the Trinity College Media Unit.)
14 hours ago
8471
View on Instagram |
2/4
80th Bradby Shield 🏉
1 day more.

The wait is almost over.
The Lions are ready to roar at home. 🦁
80th Bradby Shield 🏉 1 day more. The wait is almost over. The Lions are ready to roar at home. 🦁
21 hours ago
313
View on Instagram |
3/4
Never enough of this breathtaking view! 🍃
22 hours ago
483
View on Instagram |
4/4