ශ්‍රී ලාංකීය පාසල් විවාද කලාවේ නව පෙරළියක් ඇති කරමින් 2006 වසරේ දී ත්‍රිත්ව විද්‍යාල්‍යීය සිංහල සාහිත්‍ය සංගමය විසින් කලඑළි ගැන්වූ “තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම” යන තේමාව රැගත් “වාග් ප්‍රතිභා 2024” අන්තර් පාඨශාල්යීය විවාද තරඟාවලිය 17 වන වරටත් පසුගිය ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
තරඟාවලියේ සමාරම්භක උත්සවය පාසලේ ප්‍රධාන ශාලාවේදී ආරම්භ වුණේ අප සංගමයේ ගරු සභාපතිතුමන් වන චේතිය අබේකෝන් සොයුරා උත්සවයට සපැමිණි සියලු දෙනා පිළිගැනීමෙන් අනතුරුවයි. තරඟාවලියේ නීති රීති විග්රහ කිරීම ජ්‍යේෂ්ඨ සිංහල විවාද සංගමයේ නායක මෙන්ම සිංහල සාහිත්‍ය සංගමයේ හිටපු උප සභාපති සෙත්ලත් දිසානායක සොයුරා විසින් සිදු කරනු ලැබීය. මෙවර විවාද තරඟාවලිය සඳහා පාසල් එකොළහක් ලියාපදිංචි වූ අතර අදාළ විවාද කණ්ඩායම් වලට එදිරිවාදී පාසල සහ යෝජක – ප්රතියෝජකත්වය හිමි වූයේ කුසපත් ඇදීමේ ක්‍රමයට අනුවයි.
අප විදුහලේ ගුරුමෑණිවරුන්, පියවරුන් හා ආදි විවාදක සොයුරන් මේ විවාද තරඟාවලිය පුරාවට සාධාරණ හා අපක්ෂපාතී විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ. මුල් වටයේ තරඟාවලි පැවැත්වුණේ ලීග් ක්‍රමය ප්‍රකාරව සෑම පාසලකටම තවත් පාසල් දෙකක් හා තරග වැදීමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුවයි.
මුල් වටයෙන් අනතුරුව තෝරාගත් සුපිරි කණ්ඩායම් 08, නැවතත් පවත්වන ලද තරඟ වටයකට මුහුණ දීමෙන් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා පහත අයුරින් පාසල් සතරක් තේරී පත්විණි.
- උසස් බාලිකා විද්‍යාලය, මහනුවර
- ලුම්බිණි විද්‍යාලය, කොළඹ
- ධර්මරාජ විද්‍යාලය, මහනුවර
- ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
ඉතා තියුණු තරඟ වටයකින් අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වාග් ප්‍රතිභා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය. එකී පාසල් ද්විත්වයට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරනු ලබනවා.
වාග් ප්‍රතිභා අවසන් මහා තරඟය, සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “සාහිත 2024” සිංහල භාෂා දිනය දා පැවැත්වෙන බව අප සතුටින් සඳහන් කරන්නෙමු. දක්ෂයින් අතුරෙන් අති දක්ෂයන් කථිකත්වයෙන් උරෙන් උර ගැටෙන මේ මහා වාග් සංග්‍රාමය සියැසින් දැක බලා ගැනීමට ඔබ සියලු දෙනාටම සුහද ආරාධනා!
සවින් දන්තසිංහ,
සාමාඡික,
සිංහල සාහිත්‍ය සංගමය.