visitors have read this post.

තීව්‍ර 2025 – දරුවන්ගේ සංගීතමය බුද්ධියට නව අරුතක්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය පෙරදිග සංගීත අංශය එදා සිට අද දක්වාම පාසල් ඉගෙනුම් පරිසරයටත් ජීවත් වන සමාජයටත් ආදර්ශමත් ලෙස තම කාර්ය භාරය ඉටුකරන බව නිහතමානී ආඩම්බරයෙන් සඳහන් කරමු.

ඉහත ආදර්ශ පාඨයට අනුගත වෙමින් ශිෂ්‍යයන්ගේ හදුනාගත් සංගීතමය බුද්ධියත් ඒ ඔස්සේ ඔවුන්ගේ සමස්ත පෞරුෂය ගොඩනැගීම නම් වූ මෙහෙවර වෙනුවෙන් පාසල දක්වන්නා වූ අනුග්‍රහය ඉතාඅගය කළ යුතුය.

කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවනැලි වලට හසුවූ පාසල් දරුවන්ගේ ව්‍යාකූල මානසිකත්වය නගා සිටුවීමට පාසල විසින් සංවිධානය වූ බොහෝ වැඩසටහන් අතරින් “තීව්‍ර” සෞන්දර්යාත්මක එක් වැඩසටහනක් විය. “තීව්‍ර” සිහිනය සැබෑ කර ගන්නට ආදී පෙරදිග සංගීත සංගමයේ දැවැන්ත හස්තය ද, ඒ සඳහා මග පෙන්වූ ගරු විදුහල්පති පියතුමන් ගෞරවයෙන් සිහිපත් කරමු.

එහි ප්‍රතිඵලයක් ලෙස සංගීත භාණ්ඩ වලින් සමන්විත අංග සම්පූර්ණ සංගීත කාමරයක් පරිත්‍යාග කරමින් “තීව්‍ර”යට සවිමත් අත්තිවාරමක් සකස් කරදීම ත්‍රිත්ව ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු නොඅනුමානය.

කලාව වින්දනයට මිස ප්‍රසිද්ධියට හෝ තරගකාරීත්වයට තෝතැන්නක් නොවිය යුතුයි. ඒ උදාර සිතිවිල්ල මත 2023 වසරේ සැප්තැම්බර් මස 9 වන දින දරුවන් 150කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස “තීව්‍ර” ප්‍රසංගය පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“තීව්‍ර” යනු හුදෙක් පාසල් ශිෂ්‍යයන් විසින් ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගයක් පමණක්ම නොවේ. අප ජීවත්වන සමාජය විසින් සංගීතය තුළින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් ඉටු කරදීමට වෙර දරන උත්සහය කි. එය එතරම් සුවිශේෂී වන්නේ සමාජයේ පවතින විවිධ රසඥතා මට්ටම් සඳහා ඉතා සංයමයෙන් ආමන්ත්‍රණය කරන සංගීත සන්ධ්‍යාවක්වීමත් ,සරල මෙන්ම ගැඹුරු රස වින්දන කෙරෙහි සියුම් ලෙස සලකා බලමින් නර්තන ප්‍රකාශන මාධ්‍යයේ සංයෝජනයෙන් ප්‍රේක්ෂකයාගේ සිතැඟි සෙමෙන් ස්පර්ශ කරමින් ඔවුනට ප්‍රහර්ෂණයක් ලබාදීමට ඇති හැකියාව අප ලද ජයග්‍රහණයකි. අප පාසල් සමාජය තුළ ඇති සෞන්දර්යාත්මක අංශවල තිබෙන සහෝදරත්වය ත්‍රිත්වයට ආවේණික වූ ලක්ෂණයකි.

“තීව්‍ර” යනු සුවිශේෂී අන්තර්ගතයක දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමකි. ඒ මනුසත් මෙහෙව‍ර ත්‍රිත්ව නාමය තවදුරටත් ඉහළට ඔසවා තබනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 9න් තෝරාගත් පාසල් නවයකට සංගීත භාණ්ඩ ලබාදීම “තීව්‍ර” ප්‍රසංගයේ අරමුදලේ මූලික පදනමයි. ත්‍රිත්වයේ දයාබර දරුවන්ට සුවිශේෂී වේදිකාවක් තනා දෙමින් ලංකාවේ අති දුෂ්කර පාසල්වල දක්ශ දරුවන්ට සංගීතමය පහසුකම් ලබාදීමට ‍ත්‍රිත්ව විද්‍යාලීය පෙරදිග සංගීත සංගමයේ එදා සහ අද සාමාජිකයන්ගෙ සුසංයෝගයෙන් කෙරෙන මානුශීය මෙහෙවරයි.

එවන් වූ සත්කාරයෙන් සන්නද්ධ වූ “තීව්‍ර” මෙවරද 250කට වැඩි ශිෂ්‍ය පිරිසකගේ සහභාගිත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී අභිමානවත් ලෙස ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් වෙමින් තිබේ. සිසුන් තුළ ඇති සංගීතමය බුද්ධිය හඳුනා ගනිමින් එහි භාවිතය තුළින් අනාගත ජීවිතය විඳින්නට හැකි පරපුරක් බිහිකිරිමේ දැක්ම හරහා මෙවර තීව්‍ර 2025 සැප්තැම්බර් 20 වන දින පවත්වන බව ඉතා සතුටින් දැනුම් දෙමු.

ලිපිය: ජයන්ති විජෙකෝන් මහත්මිය (ත්‍රිත්ව විද්‍යාලීය පෙරදිග සංගීත අංශය)

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
    5 days ago
  • Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
    1 week ago
  • Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll.

Get ready for an evening of music, memories, and rhythms that move your heart!
    1 week ago
  • Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026!

Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
    2 weeks ago
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆 Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026. The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
5 days ago
374
View on Instagram |
1/4
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera. This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
1 week ago
633
View on Instagram |
2/4
Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll.

Get ready for an evening of music, memories, and rhythms that move your heart!
Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll. Get ready for an evening of music, memories, and rhythms that move your heart!
1 week ago
144
View on Instagram |
3/4
Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026!

Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026! Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
2 weeks ago
5352
View on Instagram |
4/4